මුල් පුවත්

Clear

යාපනය අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නව නිවාස 100 ඔවුන් අයිතියට

2016-11-01

යුද හමුදා භට පිරිස්හි සුවිශේෂි දායකත්වයෙන් හා පුනරුත්ථාපනය වු එල්ටිටිඊ සමාජිකයින් සහ නිවාස ප්‍රතිලාභීන්ගේද සහයෝගය ඇතිව මාස 04 ක් වැනි කෙටි කාලසීමාවක් තුලදී අවතැන් වු ජනතාව වෙනුවෙන් යාපනය කීරමලේ ප්‍රදේශයේ ඉදිකරනු ලැබු නිවාස 100 අද (31) පස්වරුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස ලාභීන් වෙත පවරාදෙන ලදී.


ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා සහ එම සුනඛයාගේ හසුරුවන්නා වෙත වොෂිංටන් හිදි සම්මාන පිරිනැමේ

2016-10-31

ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබාදීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බදාදා (26) දින වොෂිංටන් ඩීසී හිදී පැවැත් වූ මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම් බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා වන අල්වින්......


යුද හමුදාව විසින් ඉදි කරනු ලැබූ අලිමංකඩ නව දුම්රිය ස්ථානය මහජනතාව සඳහා විවෘත කෙරේ

2016-10-29

යාපනය මහනුවර ඒ 9 මාර්ගය ආසන්නයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ අලිමංකඩ දුම්රිය ස්ථානය සිකුරාදා (28) දින විවෘත කරන ලද අතර, මේ සඳහා මූල්‍ය දායකත්වය මුළු දිවයිනෙහිම පාසල් සිසුන් හා ගුරුවරුන් සමස්ථ ප්‍රජාව විසින් සපයන ලදී.


රණවිරුවන් හට වීර ක්‍රියා පදක්කම් ප්‍රදානය කිරීම ඉතා උත්කර්ශවත් අන්දමින්

2016-10-28

2009 මැයි මසට පෙර තම දිවි නොතකා ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදා විරුවන් වෙනුවෙන් පරම වීර විභුෂණය (පීඩබ්ලිව්වී), වීරෝදාර විභූෂණය (ඩබ්ලිව්වී), වීර වික්‍රම විභූෂණය (ඩබ්ලිව්ඩබ්ලිව්වී), රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම (ආර්එස්පී) යන ආදි පදක්කම් පිරිනැමිමේ උත්සවය.....


මිරීයබැද්ද විපතට පත් ජනතාව වෙනුවෙන් යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවාස ඔවුන්ගේ අයිතියට

2016-10-27

මිරියබැද්ද නායයෑමේ ඛේදවාචකයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියලුමට නුදුරු මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 75, ඔක්තෝබර් මස 29 වන දිනට යෙදෙන 'දීපාවලී' උත්සවයට පෙර ඔවුනට ලබාදෙන ත්‍යාගයක් ලෙස ඔවුන්ගේ අයිතියට පත් කරන ලදි.


‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන සඳහා යුද හමුදාවේ සහය

2016-10-21

අතිගරු ජනාධිපතිතුමා විසින් හදුන්වාදුන් ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ‘රණවිරු හරිත අරණ’ යනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද වැඩසටහනේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන (21) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ දී ආරම්භ වූ අතර.....


තවත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු සඳහා මංගල සීනූ

2016-10-21

රාගම රණවිරු සෙවනෙහි නේවාසිකව සිටින ගජබා සහ විජයබාහු පාබල රෙජිමේන්තුවලට අයත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු විවාහ දිවියට පත් වීමේ උත්සවය (20) උදෑසන මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.


පොපි මල් දින සැමරුම ආරම්භ වේ

2016-10-20

ලෝකය පුරා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන ලෝක පොපි මල් දින සැමරුම ආරම්භ කරමින් එහි ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය (19) දින සන්ධ්‍යාවේ එහි ආරම්භක පියවර වශයෙන් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට පළමු පොපි මල පැලදවීම සිදු කරන ලදී.


නව වාර්තා සමඟින් ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016’ නිමාවේ

2016-10-15

ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 කගේ සහභාගීත්වයෙන් 19 වන වරට පැවැත් වූ ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 සිකුරාදා (14) පස්වරුවේ දියගම ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් අවසන් විය. තෙදිනක් පුරාවට පවත්වන ලද මෙම ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා පැරාලිම්පික් කමිටුවේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.


රණවිරුවන්ගේ දායකත්වය අගය කරමින් ඉඩම් සහ නව නිවාස පරිත්‍යාග කරයි

2016-10-12

ආරක්ෂක අමාත්‍යාංශයේ ‘රණවිරු අභිමනට සත්විරු උරුමය’ නමින් රණවිරුවන් සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිවාස 780, අර්ධ වශයෙන් ඉදිකරන ලද ඔවුන්ගේ නිවාස සම්පුර්ණ කර ගැනීම සඳහා අරමුදල් සහ ඉඩම් කොටස් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ආබාධිත රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත නිල වශයෙන් පවරාදීම අද (12) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.