මුල් පුවත්
ආරක්ෂක අමාත්‍යාංශ නව ව්‍යාපෘතියක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් තාක්ෂණික ශිල්පීන් ලෙස බඳවාගැනේ

තාක්ෂණික දැනුම සහිතව සේවයෙන් විශ්‍රාම ලත් ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙනුවෙන් දියත් කරනු ලැබූ සුබසාධන වැඩසටහනේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් විශ්‍රාමිකයින් 50 දෙනෙකු වෙත රාජ්‍ය අංශයේ නව තාක්ෂණ ශිල්පීන් ලෙස රැකියා ලබා දීමේ පත් වීමේ ලිපි අඟහරුවාදා (11) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ලබා දෙනු ලැබීය.
වර්ණවත් හමුදා පෙළපාලියකින් ශ්‍රී ලංකා යුද හමුදාව සිය අභිමානවත් 67 වන සංවත්සරය සමරයි

ජාතිය වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කිරීමේ මෙහෙවරේ යෙදෙමින් ජාතියේ අභිමානය සුරකිමින් ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන ක්‍රියාදාමයේ නිරතව සිටිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 67වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් සඳුදා (10) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපද භූමියේ දී පවත්වන ලදි.
ලෝක ප්‍රකට ශ්‍රී ලංකා යුද හමුදාවට අදට වසර 67 ක් සපිරේ

අසමසම ජයග්‍රහණයන් සහ අභිමානයන් පෙරදැරි කොට ගත් ජාතියේ අභිමානය වූ ශ්‍රී ලංකා යුද හමුදාව සඳුදා (ඔක්: 10) තම 67 වන යුද හමුදා දිනය සමරයි.
සංවත්සරයේ ආගමිකවතාවත් අවසන් කරමින් භික්ෂුවහන්සේලා වෙත දානය පිරිනැමිම

පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයෙහි පෙර දින පැවති පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව ඉරිදා (09) දින මහාසඟරුවන වෙත හීල් දානය සහ දවල් දානය ද පිළිගන්වන ලදි.
යුද හමුදාවට ආශිර්වාද පැතීමේ අවසන් ආගමික වැඩසටහන පනාගොඩ බෝධිරාජාරාමයේ දී

යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.
කිරිවෙහෙර පුදබිමේ දී සහ කතරගම දෙවොලේ දී යුද හමුදා ධජයන්ට සෙත් පතයි

යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (07) පස්වරුවේ යුද හමුදා ධජයන්ට සෙත් පැතීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගත් අදාල නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගීත්වයෙන් පැවැත්විනි.
යුද හමුදා 67 වන සංවත්සරයට කිතුනු ආශිර්වාද පිරිනමයි

යුද හමුදා 67 වන සංවත්සරයට සහ යුද හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති ක්‍රිස්තියානි දේවමෙහය බ්‍රහස්පතින්දා (6) දින බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පවත්වන ලදී.
යුද හමුදා සංවත්සරයට විශේෂ ‘අභිෂේකම්’ පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේ දී බදාදා (5) දින පැවැත්විනි.
යුද හමුදා සංවත්සරය වෙනුවෙන් ඉස්ලාමීය ආශිර්වාදය හිමිවේ

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ප්‍රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින් එළැඹෙන 67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය වෙනුවෙන් අගහරුවාදා (04) පෙරවරුවේ කොළඹ 03 ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාමීය ආගමික ආශිර්වාදය ලබාගන්නා ලදි.
ආරක්ෂක ලේකම් කීරමලේයි නිවාස සංකීර්ණයේ ඉදිකිරිම්හි ප්‍රගතිය පිළිබඳ සොයාබලයි

මේ වන විට යාපනයේ අවතැන් වූ පවුල් 100 ක් සඳහා ඉදිකරමින් පවතින කීරමලේයි නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු හි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා අද (02) උදෑසන ආරක්ෂක ලේකම්.....