මුල් පුවත්
ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ

හමුදා අධ්‍යාපනය පිළිබඳව වඩාත් පිළිගැනීමට ලක් වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර පිදිමේ උත්සවයක් අඟහරුවාදා (අප්‍රේල් 04) දින සන්ධ්‍යාවේ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.
යුද හමුදාවෙන් මියගිය සිවිල් සේවකයින්හට විශේෂ පිං අනුමෝදන් කිරිමක්

යුද්ධයේ දී මියගිය සිවිල් සේවකයින් 123 කට පිං අනුමෝදන් කිරිම හා යුද්ධයේ දී ආබාධිත වු සිවිල් සේවකින් 16 කට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරිම යන අරමුණු මුලික කරගෙන පානාගොඩ ශ්‍රි බෝධිරාජාරාමයේ දී සර්ව රාත්‍රීක පිරිත් සජ්ඡායනාවක් හා භික්ෂුන් වහන්සේලා 123 නමකට දානය පිළිගැන්විමක් මාර්තු 31 වන දින සහ අප්‍රේල් 01 වෙනිදා සිදු විය.
සැබෑ රණවිරුවන් කිසිම අධිකරණයක් වෙත නොපමුණුවන බව ජනාධිපතිතුමා සහතික වේ

කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ අද (29) උදෑසන ‘විරුදරු විදු පියස’ නම් වූ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සහ වයඹ පළාතේ ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 2000 කට විරුසර වරප්‍රසාද කාඩ් පත් පිරිනැමිමේ අවස්ථාවට එක් වූ අතිගරු ජනාධිපතිතුමා......
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති ලෙස මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ පත් කිරිමේ උත්සවය සෙනසුරාදා (25) දින සන්ද්‍යාවේ කොළඹ යුද හමුදා රෝහලේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් මියගිය රණවිරුවන් සිහිකිරිමෙන් අනතුරුව.....
‘ඩි.එස්.සේනානායක’ විද්‍යාලයෙන් බිහිවු මියගිය රණවිරුවන් සිහිකෙරේ

සිය 50 වන සංවත්සරය සමරන කොළඹ පිහිටි ඩි.එස්. සේනානායක විද්‍යාලයේ පැවති 22 වන ‘රණවිරු දිනය’ වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය බ්‍රහස්පතින්දා (23) දින උදැසන එම විදුහල් පරිශ්‍රයේ පැවති අතර, එම අවස්ථාවට මහත් අභිමානයක් සහ උදාරත්වයක් එක් කරමින් සංවිධායකයින්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
හමුදා මාණ්ඩලික සාකච්ඡාවට පැමිණි ඉන්දිය යුද හමුදා නියෝජිතයන් යුද හමුදාපතිතුමන් හමුවේ

ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා පැමිණ සිටින ඉන්දිය නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා බදාදා (22) සන්ධ්‍යාවේදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව ආරම්භ වේ.

හයවන වරටත් වාර්ෂිකව පවත්වනු ලබන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව අද (22) උදැසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ආරම්භ වු අතර, ඉන්දු-ශ්‍රී ලංකා යුද හමුදා අතර දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශවික හමුදාමය සහයෝගිතාවය සහ හිතවත්කම ප්‍රදර්ශණය කිරිමේ තවත් අවස්ථාවක් ලෙස පවත්වනු ලබන මෙම සමුළුවේ දී පුහුණු ආකෘතින් හුවමාරු කර ගැනිම, කාර්මික අංශයන් හී යටිතල පහසුකම් සංවර්ධන දැනුම ලබාගැනිම සහ සුභ සාධන වැඩසටහන් පිළිබඳව වැඩි අවධාණයක් යොමු කිරිමට නියමිතය.
චීන ආරක්ෂක අමාත්‍යවරයා වෙත සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී සම්මාන පෙළපාලියක් පිරිනමයි

ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක යෙදී සිටින මහජන චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය මෙන්ම, රාජ්‍ය සභා මන්ත්‍රි ජෙනරාල් චෑන්ග් වැන්කුවෑන් අද (21) දින උදෑසන සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සංචාරයක නිරත විය. මෙම විද්‍යාලයේ විදේශිය අපේක්ෂකයින් ද ‘psc’ උපාධි පාඨමාලාව හදාරනු ලැබේ.
ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද හමුදාපති හමුවෙයි

ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු නසර් ජුමා මොහෙමඩ් ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් අද උදෑසන (20) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
ආබාධිත රණවිරුවන් ඔවුන්හට හිමි සුබසාධන සහ අනෙකුත් සහන පිළිබඳ දැනුවත් වේ

රණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් 1500 ක් පමණ සිකුරාදා (17) දින පනාගොඩ යුද හමුදා ජනපද ක්‍රීඩාගාරයේ පැවති හමුවට එක්වු අතර, එහි දී යුද හමුදාව ඔවුන් වෙනුවෙන් දැනට සිදු කරමින් පවතින සුබසාධන ව්‍යාපෘති මාලාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණින් වැඩසටහනක් පවත්වන ලදි. එහිදි, අදාල අධ්‍යක්ෂ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් දැනුවත් කිරීම ද සිදු කරනු ලැබිය.