ඉන්දියන් නාවික හමුදා ප්‍රධානී යුද හමුදාපතිතුමා හමුවේ
29th November 2016
කොළඹ පැවති ගාලු කතිකාව සඳහා සහභාගි වූ ඉන්දියන් නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුනිල් ලැන්බා අද (29) දින පෙරවරුවෙහි යුද හමුදාපතිතුමාගේ ආරාධනයෙන් කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
හමුදාපති ලේකම් කාර්යාල පිවිසුම් දොරටුව අභියස දී යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජනක වල්ගම විසින් ඉන්දියන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී පිළිගනු ලැබීය.
එහිදි ඉන්දීය නාවික හමුදා මණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිතුමා කලාපීය නාවික කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
මෙම හමුව අවසානයේ ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, එම අවස්ථාව සඳහා ඉන්දියන් ආරක්ෂක උපදේශක ද එක් විය.
ඉන්දියන් නාවික හමුදාවේ 23 වන නාවික හමුදා ප්‍රධානී ලෙස අද්මිරාල් සුනිල් ලැන්බා 2016 මැයි මස 31 වන දින සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය.
අද්මිරාල් ලැන්බා සමුද්‍රීය පුහුණුව සහ ක්‍රියාන්විත හා ත්‍රිවිධ හමුදා රාජකාරින් සම්බන්ධයෙන් මනා අවබෝධයකින් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු කඩක්වාස්ලාහි ආරක්ෂක සේවා විද්‍යාලය, වෙලින්ංටන් ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය, සෙකන්ඩරාබාද් ආරක්ෂක කළමණාකරන විද්‍යාලය සහ ලන්ඩන් රාජකීය ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකි.
|