මුල් පුවත්
යාපනයේ යුද හමුදා භට පිරිස් එම ප්‍රදේශයේ පාසල් 67 ක ඩෙංගු මර්ධන වැඩසටහනක

සීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය මුලිනුපුටුටා දැමීමේ අරමුනින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52, සහ 55 යන සේනාංකවල දහසකට අධික භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අදාල පාසල් සිසුන් සමගින් දෙදිනක් පුරා පවත්වනු ලැබීය.
යුද හමුදාවෙන් ගම්මට්ටමින් සිවිල් වැසියන් හට විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම

අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ අධිෂ්ඨානයෙන් හා පුර්ණ කැපවීමෙන් දිළිඳුකම පිටුදැකීම සහ තිරසාර සංවර්ධනය යන දැක්ම යටතේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ මඟපෙන්විම මත යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගම්මට්ටමින් ගොවි ප්‍රජාව හට නවීන සහ විද්‍යාත්මක කෘෂිකර්මාන්තය හා ගොවිතැන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
"රටේ ප්‍රගතිය වෙනුවෙන් අප දැඩිව කැපවී ක්‍රියාකළ යුතුයි" - යුද හමුදාපති

රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී අතිගරු ජනාධිපතිතුමාගේ ‘ඳිළිදුකම පිටුදැකීමේ වර්ෂය’ වැඩසටහන සඳහා සහයෝගය ලබා දීම මෙන්ම රටේ සමෘද්ධිය සඳහා අඛණ්ඩව කැපවීම හා සියලුම මට්ටම්වල විනය උසස් මට්ටමින් පවත්වා ගැනීමත් වෘත්තීය මට්ටමින් 2017 වර්ෂයේ දී යුද හමුදාවේ ප්‍රමුඛතාවය විය යුතුබව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (02) දින යුද හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේ දී නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් අවධාරණය කරන ලදි.
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට නව නිලධාරී නිවස්න සංකීර්ණයක්

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරණ ලද නිලධාරී නිවස්නය එහි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සඳුදා (26) දින විවෘත කළ අතර, පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතුවුවන් ද හමුවිය.
ප්‍රීතිමත් නත්තලක් වෙනුවන් සුභාසිංශන !

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියළුම නිළධාරීන්, සෙසුනිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
සිංහ රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන් සිහිකෙරේ

අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී එම රෙජිමේන්තුවට අයත් මියගිය වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වර්ණවත් උත්සවයක් සෙනසුරාදා (24) දින පවත්වන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයකට අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම අවස්ථාවට සපැමිණි අතර, මියගිය රණවිරුවන්ගේ සිය ගණනක් වූ ලඟම ඥාතීන් තමන්ගේ ආදරණීයයන් හට ගෞරව දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවයට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයෙන් තවත් කෙඩෙට් නිලධාරීන් 124 ක් අධිකාරියට පත් කෙරේ

මව්බිමට සේවය කිරිමේ අරමුණින් ජාතියට දායාද කරනු ලැබූ තවත් කෙඩෙට් නිලධාරීන් 124 ක් කාන්තා නිලධාරීනියන් ද ඇතුලුව විසිරයාම අද (17) උදෑසන දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ දී උත්සවාකාරයෙන් පැවැත්විය.
මියගිය යුද හමුදා නිලධාරීයාගේ බිරිඳ වෙත නව නිවසක් හිමි වේ

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව අවශ්‍යතාවය මත යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ බ්‍රහස්පතින්දා (15) දින වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ මියගිය තවත් යුද හමුදා නිලධාරීයෙකුගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් නව නිවසක් පිරිනමන ලදි.
ටජිකිස්තාන් ජනාධිපති වෙත ත්‍රිවිධ හමුදා භට පිරිස් වෙතින් වර්ණවත් සම්මාන පෙළපාලියක්

යුද හමුදා භට පිරිස් ඇතුලුව ත්‍රිවිධ හමුදා භට පිරිස් වෙතින් ටජිකිස්තාන් ජනාධිපති ඉමෝමලි රාහමොන් මැතිතුමා වෙත අඟහරුවාදා (13) දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සම්මාන පෙළපාලියක් පිරිනමා ගෞරව පුද කරන ලදි. එහිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රාජ්‍ය හා ත්‍රිවිධ හමුදා......
ත්‍රිවිධ හමුදා ‘පීඑස්සී’ උපාධිධාරීන් තවත් කණ්ඩායමක් විසිර යති

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඑස්සී (මාණ්ඩලික පාඨමාලාව සමත්) පාඨමාලාව සම්පූර්ණ කරන ලද තවත් ශිෂ්‍ය නිලධාරින් පිරිසක් වෙත උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය සඳුදා (12) දින පැවැත් වූ අතර, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 114 ක් සහ විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 12 ක් මෙම පාඨමාලාව හදාරනු ලැබීය.