මුල් පුවත්

Clear

‘ජාතික ශාරීරික යෝග්‍යතා සතිය’ සඳහා යුද හමුදාපති ඇතුලු සියලු නිලයින් දායක වේ

2017-02-06

යුද හමුදා සාමජිකයින් තුල ශාරීරික යෝග්‍යතාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සඳුදා (06) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි මුතුකුමාරු ක්‍රීඩාංගණයේ දි ශාරීරික පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.


‘ජාතික සමගිය’ විදහාපාමින් ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ

2017-02-04

දිළිඳුභාවය තුරන් කිරීම සඳහා කැපවෙමින් සහ ආර්ථික ස්ථාවරත්වය, සංහිඳියාව හා සමගිය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘ජාතික සමගිය’ තේමාව කරගත් අභිමානවත් 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී සෙනසුරාදා (04) දින උත්කර්ශවත් අයුරින් සමරන ලදි.


අයිඩිඑච් රෝහලේ ඩෙංගු රෝගීන් සඳහා යුද හමුදාව ඉදිකළ නව වාට්ටු සංකීර්ණය අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ

2017-02-03

අංගොඩ, ගොතටුව හි පිහිටි අයිඩිඑච් (IDH) රෝහලේහි ඩෙංගු රෝගීන් සඳහා යුද හමුදාව මඟින් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය බ්‍රහස්පතින්දා (02) දින ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදි.


යුද හමුදාව අනෙකුත් හමුදාවන් සහ සිවිල් ආරක්ෂක බලකාය සමඟ එක්ව ඩෙංගු මර්ධන වැඩසටහනක

2017-02-01

බස්නාහිර පලාතේ වේගයෙන් පැතීර යන ඩෙංගු වසන්ගතය මර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියගණනක් වු භට පිරිස් සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 60 ක පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කළහ.


ගෞරවාන්විත සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය ප්‍රදානය කෙරේ

2017-01-31

ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ගෞරවාන්විත පාබල ඒකකයක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ප්‍රථම වරට ජනාධිපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමිම සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සඳුදා (30) දින අබේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කරන ලදි.


මියගිය සෙබළාගේ පවුල වෙත සම්පත් නුවරින් නව නිවසක්

2017-01-25

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ 62 වන සේනාංකයේ ස්ථාපිත 17 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ‘ආර්යා’ පදනම හා එක්ව 2014 වර්ෂයේ තන්තිරිමලේ 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ...


12 වන සේනාංක මුලස්ථානයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

2017-01-22

හම්බන්තොට 12 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අද (21) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. එහි පැමිණි යුද හමුදාපතිතුමන්ව, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සමඟින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් පිළිගන්නා ලදි.


යුද හමුදාපති ‘විශ්‍රාමික ප්‍රවීනයන්ගේ නිවාසය’ සඳහා තවත් පහසුකම් ලබාදීම සබැඳිව සේවා මුක්ත භට පිරිස්හි ආචාරය

2017-01-20

කටාන, බෝලගල ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සහිත ගොඩනැගිලි විවෘත කිරීම අද (20) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.


‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ සුපිරි තරුව හා අවසන් තරඟකරුවන් හට ත්‍යාග පිරිනැමේ

2017-01-20

‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් සම්පත් ශ්‍රී පලන්සූරිය හට හිමි වු නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම බ්‍රහස්පතින්දා (19) දින හොරණ, ප්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.


ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල වසර 27 කට පසු ජනතා අයිතියට

2017-01-16

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල ඌරණි, තායිඩ්ඩි (නැගෙනහිර) සහ නල්ලිනාක්කපුරම් ධීවර ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරදෙමින් වසර 27 කට පසු සෙනසුරදා (14) දින ජනතා අයිතියට පත් කරන ලදි.