මුල් පුවත්

Clear

අවතැන් වූ පවුල් 33 ක් සඳහා නලිනක්කපුරම් නිවාස සංකීර්ණයෙන් නව නිවාස

2017-03-13

යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් 33 ක් සඳහා නලිනක්කපුරම් නව නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීම සිකුරාදා (10) දින නලිනක්කපුරම් ප්‍රජා ශාලාවේ පැවති චාම් උත්සවයක දී සිදු කරන ලදි.


යුද හමුදා අන්තර් රෙජිමේන්තු මැරතන් ධාවනය හඳපාන්ගොඩ දී ආරම්භ විය

2017-03-11

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වාර්ෂික මැරතන් ධාවනය - 2017 සෙනසුරාදා (11) දින රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් හඳපාන්ගොඩ දී ආරම්භ වූ අතර, එය පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් අවසන් විය.


අතිගරු ජනාධිපතිතුමන් උතුරේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් අමතයි

2017-03-04

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සමඟ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් සෙනසුරාදා (4) දින යාපනයේ පැවති රැස්වීම් සඳහා සහභාගි වුහ.


යුද හමුදාවෙන් ආබාධිත රණවිරුවන් සඳහා සෘජු කාරක හා අංගාදේශක විකලාංග නිපදවයි

2017-03-01

යුද හමුදා හා අනෙකුත් සහෝදර හමුදාවන්හි ආබාධිත රණවිරුවන් සඳහා තමන් විසින්ම අවශ්‍ය සෘජු කාරක හා අංගාදේශක විකලාංග නිපදවීමේ කාර්මිකාගාර දෙමහල් ගොඩනැගිලි සංකිර්ණයක් රාගම, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී ඉදිකිරීම ආරම්භ කරන ලදි.


ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයට නවාතැන් පහසුකම් සහිත නව පරිසර හිතකාමි ගොඩනැගිල්ලක්

2017-02-21

කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය පසුගිය වසරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමත් සමඟ සම්පුර්ණයෙන්ම විනාශයට පත් වූ අතර, ස්වේච්ඡා බලසේනා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ දැඩි සාමුහික කැපවිමේ ප්‍රතිඵලයක් ලෙස සෙසු නිලයන් සඳහා ඉදිකළ නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල අඟහරුවාදා (21) දින විවෘත කරන ලදි.


ටයර් වල නැවත කට්ට ඇලවීමේ නව අංශය ආරම්භයෙන් යුද හමුදාවට මිලියන ගණනක ඉතිරියක්

2017-02-20

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයක් මත හොරණ, දොඹගොඩ යුද හමුදා යුධෝපකරණ කම්හලේ නවතමයෙන් ආරම්භ කරන ලද ටයර් වල නැවත කට්ට ඇලවීමේ අංශය අද (20) උදෑසන එතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි.


ලෝක හමුදා දිනය වෙනුවෙන් පැවැත්වෙනCISM මාර්ග ධාවනය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සියගණනක් එක්වේ

2017-02-18

ලෝක හමුදා දිනය වෙනුවෙන්, අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017, හමුදා ප්‍රධානින් ඇතුලු සියගණනක් වූ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (18) දින ගාලු මුවදොර පිටියේ දී පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක සහභාගි විය.


අතිගරු ජනාධිපතිතුමාගේ පොරොන්දුවකට අනුව ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් වෙත සේවා විශ්‍රාම වැටුප හිමි ගැන්වේ

2017-02-14

යුධබිමේ දී ආබාධිත හා තුවාල ලබා වසර දහයක සේවා කාලයක් හෝ වසර දොළහක සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය රණවිරුවන් ඔවුන්ගේ සේවා විශ්‍රාම වැටුප ඉල්ලා කරන ලද උද්ඝෝෂනය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලැබු පොරොන්දුවකට අනුව ඔවුනට සේවා විශ්‍රාම වැටුප් 2017 පෙබරවාරි සිට ප්‍රදානය කිරිම අද (14) දින උදැසන ජනාධිපති ලේකම් කර්යාලයේ දී පැවති සරල උත්සවයක දී සිදුකරන ලදි.


වෙහෙරතැන්න ගම්මානයේ වැසියන් සඳහා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් නව නිවාස 4 ක්

2017-02-13

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ පෞද්ගලික දානපතීන්ගේ අනුග්‍රහය ඇතිව, වන්නි හි පිහිටි නැවත පදිංචි කල වෙහෙරතැන්න ගම්මානයේ අඩුආදායම්ලාභී පවුල් 04 ක් සඳහා ඉදිකරදුන් නව නිවාස සෙනසුරාදා (11) දින විවෘත කරන ලදි.


රසායනික සිදුවිම් පිළිබඳව පැවැත්වෙන පාඨමාලාව සඳහා යුද හමුදාවේ රාසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලි ප්‍රතිචාර බලඝණය (CBRN) සම්පත් දායකත්වය ලබාදෙයි

2017-02-09

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරිමේ ජාතික අධිකාරිය (CWC) මඟින් සංවිධානය කරනු ලබන රසායනික සිදුවීම් සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ මූලික පාඨමාලාවක් පෙබරවාරි මස 06 වන දින සිට 10 වන දින දක්වා කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වේ.