මුල් පුවත්

Clear

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අර්ධවාර්ෂික සැසිය අමතයි

2017-05-25

බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ (OCDC) අර්ධවාර්ෂික අධ්‍යයන සැසිය සඳුදා (24) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, සැසියේ ප්‍රධාන දේශනය ද සිදු කරනු ලැබුහ.


භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 03 විසිරයයි

2017-05-22

පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 03 සාර්ථකව හැදැරු නේපාල සහ මාලදිවයින් නිලධාරින් දෙදෙනකු ද ඇතුලු යුද්ධ හමුදා නිලධාරින් 26 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රධාන උත්සවය සඳුදා (22).........


මියගිය රණවිරුවන්ගේ සදාකාලික මතකයන් සිහිගන්වමින් රණවිරු සැමරුම් දිනය සැමරේ

2017-05-19

මෙම වසරේ ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සිහිකිරිම අද (19) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දි සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.


‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ ඉතා උත්කර්ෂවත් අයුරින් නෙළුම් පොකුණ රඟහලේ දී

2017-05-17

‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ වැඩසටහන අඟහරුවාදා (16) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති ලේකම් පි.බී. අබේකොන් මහතා සමඟින්......


ප්‍රථම වතාවට නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දර්ශනීය තොරණක් ඉදිකරයි

2017-05-16

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් චිත්‍රාංගනී වාගිස්වර මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් වෙසක් සැමරුමට සමගාමිව නවදිල්ලි නුවර දී ප්‍රථම වතාවට....


යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම ලේක් හවුස් ‘අමාදහර’ වෙසක් කලාපය වර්ණවත් කරයි

2017-05-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ ලේක් හවුස් වටරවුමේ පැවති ‘අමාදහර’ වෙසක් කලාපයේ වෙසක් බැති ගී වැඩසටහන සඳහා සහභාගි වූහ.ලේක් හවුස් බලධාරීන්ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.


සිංගප්පුරු ජාතික පරිත්‍යාගශීලින් වෙතින් යුද්ධ හමුදා රෝහල වෙත වෛද්‍ය උපකරණ

2017-05-12

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නේවාසිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ තවත් පරිත්‍යාගශීලින් එක්ව විදුලි ඇඳන්, රෝද පුටු, සේලයින් රඳවනයන්, අත්වාරු ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ උත්සවය (12) දින සන්ධ්‍යාවේ එම රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.


ආබාධිත රණවිරුවන් වෙත ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්‍රදානය කෙරේ

2017-05-10

මේ වනවිට ක්‍රියාත්මක ජාතික රණවිරු මාසය තව තවත් අර්ථවත් කරමින් රණවිරුවන්ගේ අසමසම අනුපමේය සේවය අගයකරනු වස් ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් 600 දෙනෙකු වෙනුවෙන් ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්‍රදානය සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදාදා (10) දින බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.


‘ජාතික රණවිරු සැමරුම් මාසය’ ආරම්භ කරමින් එහි පළමු සමරු කොඩිය ජනපතිට

2017-05-05

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් කළ කැපවිම් සිහිකරනු වස් ‘ජාතික රණවිරු මාසය - 2017’ ප‍්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම 04 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිනි.


බෝම්බ හඳුනා ගැනිමේ සුනඛ ශීරා සිය රට බලා පිටත් වේ

2017-05-04

පුරා වසර 06 ක කාලයක් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බිම් බෝම්බ හඳුනාගැනිමේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළ ‘ශීරා-යැන්කි’ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ සුනඛයා සොදුරු සමුගැනිමකින් පසුව ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර, එම කාලය තුළ මෙම සුනඛයා උතුරු ප්‍රදේශයේ අධික ලෙස බිම් බෝම්බ අතුරා තිබු වර්ග මිටර් 62,680 ක භුමි ප්‍රදේශයක් නිශ්කාෂණය කිරිමට දායකත්වය ලබාදෙනු ලැබිය.