ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති පත්කෙරේ

26th March 2017

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති ලෙස මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ පත් කිරිමේ උත්සවය සෙනසුරාදා (25) දින සන්ද්‍යාවේ කොළඹ යුද හමුදා රෝහලේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් මියගිය රණවිරුවන් සිහිකිරිමෙන් අනතුරුව සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්වා මෙදින උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරිනි.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ හිටපු සභාපති ශල්‍ය වෛද්‍ය විශේෂඥ රියර් අද්මිරාල් (විශ්‍රාමික) එන්.ඊ.එල්.ඩබ්. ජයසේකර විසින් මෙහි පැමිණි වෛද්‍ය වෘත්තිකයන් පිළිගනු ලැබීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මෙහි සම්භාවනීය අමුත්තා ලෙස පැමිණි අතර, එතුමා විසින් එක් එක් යුද භුමියන්හිදී හමුදා වෛද්‍ය කේෂත්‍රයේ හී යෙදවිම් සහ පැරණි යුද භුමියන් හී යොදාගත් ශිල්ප ක්‍රම මේ දක්වා විකාශනය වු ආකාරය පිළිබඳව අදහස් දක්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා රැස්ව සිටි වෛද්‍ය වෘතිකයන් සමගින් සිය අදහස් හුවමාරු කරගත් අතර, මෙම අවස්ථාවට තමන් වෙත ආරාධනය කිරීම සබැඳිව සංවිධායකයින් වෙත ස්තුතිය ද පුද කළහ.

මෙහිදි නව සභාපති ලෙස මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ පත් කළ අතර, අනතුරුව හිටපු සභාපති ශල්‍ය වෛද්‍ය විශේෂඥ රියර් අද්මිරාල් (විශ්‍රාමික) එන්.ඊ.එල්.ඩබ්. ජයසේකර විසින් හඳුන්වාදීමේ කතාව සිදුකළහ.

එහිදි නව සභාපති උත්සව සභාව අමතමින් ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ.

තවද මෙහි ස්තුති කතාව ලුතිතන් කර්නල් එස්.එල්.එස්. කුමාරගේ විසින් සිදු කරන ලදි.

|