මුල් පුවත්
රණවිරු සෙවණේ නේවාසික ආබාධිත රණවිරුවන් හට යුද්ධ හමුදාධිපතිතුමාගෙන් ත්‍යාග

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බදාදා (26) දින උදෑසන ආබාධිත රණවිරුවන් 115 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින රාගම රණවිරු සෙවණේ සංචාරයක නිරත විය. රණවිරු සෙවණ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, රෝද පුටුවක රැදිසිටින ආබාධිත රණවිරුවකු විසින් බුලත් හුරුල්ලක් දී පිළිගත් අතර යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුනරුප්තාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාවුකරසු, රණවිරු සෙවණේ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

දිවයිනේ සංචාරයක නිරතව සිටින පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (NDU) 21 දෙනෙකුගෙන් සමන්විත හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි සඳුදා (24) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවු නියෝජිත පිරිසේ ප්‍රධානි කොමදෝරු සහිඩ් සොහයිල් රාඕ......
මීතොටමුල්ල කසල කන්දේ නායගිය ප්‍රදේශයේ අවධානම් තත්වය බැහැර කිරිම සඳහා යුද්ධ හමුදා භට පිරිස් පොලිතීන් යොදා එම ප්‍රදේශය ආවරණය කරයි.

මීතොටමුල්ල කසල කන්ද ප්‍රදේශයේ දැනට ජිවත්වන සිවිල් ජනතාවගේ ආරක්ෂාව උදෙසා යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින කසල කන්ද නාය යෑමෙන් එම ප්‍රදේශයේ පවතින අවධානම් තත්වය බැහැර කිරිමේ අරමුණින් පොලිතීන් යොදා ආවරණය කරනු ලබන අතර, මේ වන විට රජය විසින් විපතට පත්වු අයවලුන් සඳහා නිවාස සහ අනෙකුත් පහසුකම් සැපයිමේ කටයුතු වල නිරතව සිටියි.
නව අවුරුදු උදාව සංකේතවත් කරන යුද්ධ හමුදා මූලස්ථානයේ සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (20) දින සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායිකව තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
මීතොටමුල්ල, නායයෑමේ ගලවා ගැනීමේ කාර්යයන්හි නියුතු භට පිරිස් යුද්ධ හමුදාධිපතිතුමාගේ අධික්ෂණයට

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ අයවලුන් බේරා ගැනීමේ සහ එම සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස්හි අවශ්‍යතාවයන් සොයාබලමින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා අද (17) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, එම සහන කටයුතු සිදු කරන ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
යුද්ධ හමුදා භට පිරිස් විපතට පත් මීතොටමුල්ල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සේවා, වෛද්‍ය පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් සපයයි

බහුවිධ හැකියාවන්ගෙන් යුත් යුද්ධ හමුදා භට පිරිස් සහෝදර හමුදාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයන් සමඟ එක්ව අද (17) උදෑසන වන විටත් විපතටපත් මීතොටමුල්ල ප්‍රදේශයේ දී බර යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් සහන සේවා කටයුතුවල නිරත වූ අතර, තවදුරටත් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව එම ස්ථානයේ අනතුරට පත්වුවන් සෙවිමේ කටයුතු සිදු කරනු ලබයි.
ලැබුවාවූ 2017 අලුත් අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ආබාධිත රණවිරුවන්හට නව කිහිලිකරු සහ රෝද පුටු ප්‍රදානයක්

ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ‘අභිමන්සල’, ‘මිහිදු සෙත් මැදුර’ සහ ‘රණවිරු සෙවණ’යන ස්ථානයන් හී නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සඳහා නව කිහිලිකරු යුගල් 100 ක් සහ රෝද පුටු 10 ක් අද (10) පුන් පොහෝ දින සවස ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ප්‍රදානය කරන ලදී.
යුද හමුදා මුලස්ථානයේ ‘සුර්ය මංගල්‍යය’ අලුත් අවුරුදු උළෙල සියලු නිළයන්ගේ සහභාගිත්වයෙන්

සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය දිවයින පුරා පැතිරයද්දී එම අසිරිය කොළඹ මැලේ ක්‍රීඩාපිටියේ දී ‘සුර්ය මංගල්‍යය’ නමින් විදහා දැක්වුයේ යුද හමුදා මුලස්ථානයේ සේවය කරන නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු අලුත් අවුරුදු උත්සවයෙනි. මෙවරත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩාවලට මුල්තැන දෙමින් සිකුරාදා (07) වන දින පැවැත්විණි.
අමරපුර මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය අද (06) දින දහවල් නිදහස් චතුරස්‍රයේ දී සියලු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මහ සංඝයා ඇතුලු අනෙකුත් පූජ්‍ය පක්ෂයේ අයවලුන් ද අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමා, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.