මුල් පුවත්
නව යුද්ධ හමුදාධිපතිට අගමැතිතුමන්ගෙන් සුභ පැතුම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු බදාදා (12) දින උදෑසන අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය.
පළමු විදේශ නියෝජිතයා නව යුද්ධ හමුදාධිපති හමුවේ

නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් සිකුරාදා (07) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. දෙපාර්ශවය අතර පැවති සුහද සහ මිත්‍රශීලි හමුවේ දී .......
22 වන යුද්ධ හමුදාධිපති හමුදා ආචාර හා ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී අරඹයි

22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරව මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ඇරඹු අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.
යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා තම අනුප්‍රාප්තිකයා වෙත සංකේතාත්මකව යෂ්ටිය භාරදෙමින් යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්ම යයි

යුද්ධ හමුදා මූලස්ථාන හමුදාධිපති කාර්යාලයේ අද (04) උදෑසන පැවති අභිමානවත් නිල උත්සවයේ දී 21 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සුභ පැතුම් මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.
යාපනය ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් පරිහරණය කළ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන් හට

යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මයිලඩි ධීවර වරාය ඇතුලුව තයිඩ්ඩි ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 54 ක භූමි ප්‍රදේශයක් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සඳුදා (03) දින සිදු කරනු ලැබීය.
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රාජකාරි අරඹයි

යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස බ්‍රහස්පතින්දා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී රාජකාරි භාර ගනු ලැබීය.
ජෙනරාල් නිළයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාධිපති වෙත යුද්ධ හමුදා උත්තමාචාරය

නිල උසස්විම් ලද යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවය බදාදා (28) දින ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.
ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමා ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරේ

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් ජෙනරාල් ඒ ඩබ්ලිව් ජේ සී ද සිල්වා ආර්ඩබ්ලිව්පී විඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජෙනරාල් තනතුරට උසස් කර ඇති අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කය බිම් බෝම්බ අවධානමෙන් නිදහස් වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සමඟින් ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන (INGOs/NGOs) එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් අනතුරුව බිම් බෝම්බවලින් මුක්ත කලාපයක් ලෙස භාරදීම බදාදා (21) උදෑසන මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයෙන් තවත් කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙක් අධිකාරියට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සාර්ථකව පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු සෙනසුරාදා (17) දින පැවති වර්ණවත් පෙළපාලියකින් විසිර යන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා....