මුල් පුවත්

Clear

විශ්‍රාමයාමට නියමිත ආරාක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති හමුවේ

2017-06-14

සේවයෙන් විශ්‍රාමයාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක බදාදා (14) උදෑසනය යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනිල් සෝමවීර විසින් එහි පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.


පකිස්තානු නාවික හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවේ

2017-06-12

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයකට අනුව මෙරට සංචාරයක නිරත පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා NI(M), සඳුදා (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණියහ.


බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපතිගේ සුරතින් විවෘත කෙරේ

2017-06-10

පොසොන් සැමරුමට සමගාමීව අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දී සිකුරාදා (09) දින පැවති බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශාවක වූ සැරියුත් සහ මුගලන් වහන්සේලාගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


යුද්ධ හමුදාධිපති නාය යෑමේන් විපතට පත් මොරවක සහ දකුණු ප්‍රදේශයේ සංචාරයක

2017-06-06

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සඳුදා (05) දින උදෑසන ගංවතුරින් විපතට පත් දකුණු පළාතේ මොරවක, අකුරුස්ස සහ මාතර යන ප්‍රදේශයන්හි සංචාරයක නිරත වෙමින් පශ්චාත් ආපදා සංවර්ධන කටයුතු මෙන්ම හදිසි සහන සේවාවන් පිළිබඳව නිරික්ෂණය කරනු ලැබීය.


ආපදා තත්වයෙන් විපතට පත් දකුණේ සිසුන් සඳහා යාපනය විශ්ව විද්‍යාලීය සිසුන්ගෙන් ආධාර

2017-06-03

සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) දින කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබීය.


භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වුවන් වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

2017-06-01

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 141 සහ 142 බලසේනාවන්, 581, 582 හා 583 බලසේනාවන්, පුහුණු මධ්‍යස්ථාන, නාවික සහ ගුවන් හමුදාවේ භට පිරිස් ගංවතුරෙන් විපතට පත් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි තවදුරටත් සහන මෙහෙයුම් කටයුතු වල නිරත වේ.


යුද්ධ හමුදා භට පිරිස් විපතට පත් ප්‍රදේශයන්හි ප්‍රධාන මාර්ග පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වේ

2017-05-30

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සඳුදා (29) දින රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක භට පිරිස් විසින් සිදු කරනු ලබන මාර්ග පිරිසිදු කිරිමේ කටයුතු පිළිබඳව අධික්ෂණය කරනු ලැබීය.


යුද්ධ හමුදා භට පිරිස් නිල්වලා ගංඟාවේ ආරක්ෂිත බැම්මේහි ආරක්ෂාව තහවුරු කරමින් අනෙකුත් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල අඛණ්ඩව නිරතව සිටියි

2017-05-30

දිවයින පූරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වුවන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරත දහස් ගණනක් වු යුද්ධ හමුදා භට පිරිස් ගත වූ පැය 48 ක කාලය තුල බීටිආර් රථ, බැකෝ යන්ත්‍ර, කැණීම් යන්ත්‍ර, බොට්ටු සහ වෙනත් යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනිමින් සහන කටයුතුවල නිරත සිටියි.


ගංවතුරෙන් සහ නාය යෑමේන් විපතට පත් බුලත්සිංහල ප්‍රදේශයේ සහන මෙහෙයුම් වල නිරත යුද්ධ හමුදා භට පිරිස් යුද්ධ හමුදාධිපතිගේ නිරීක්ෂණයට

2017-05-27

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟින් සෙනසුරාදා (27) දින උදෑසන බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් හමුවුහ.


ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගංවතුරෙන් විපතට පත්වුවන් ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරතවේ

2017-05-26

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අදාල ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සම්බන්ධිකරණයෙන් සිකුරාදා (26) උදෑසන යුද්ධ හමුදා භට පිරිස් 300 ක් සහ නාවික හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් 13 ක් සමඟින් ගුවන් හමුදා පිරික්සුම් කණ්ඩායම් ගංවතුරින් පීඩාවට පත් වීරකැටිය.....