ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද හමුදාපති හමුවෙයි

20th March 2017

ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු නසර් ජුමා මොහෙමඩ් ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් අද උදෑසන (20) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.

ආරක්ෂක අමාත්‍යංශය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ශ්‍රී ලංකාවට පැමිණි ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලිය නියෝජිත පිරිසේ හී සම්බන්ධිකරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරි ඇති අතර මෙම 17 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස සිකුරාදා (17) දින ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි.

යුද හමුදා මුලස්ථානය වෙත පැමිණි නියෝජිත පිරිස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පිළිගත් අතර, අනතුරුව එහි ප්‍රධානි ගුවන් කොමදෝරු මොහොමඩ් සමඟ ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

මෙහිදි, ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්ථවාදය තුරන් කිරිම උදෙසා පැවති මානුෂිය මෙහෙයුම පිළිබඳව නියෝජිත පිරිසගේ විශේෂ අවධානය යොමුවු අතර, යුද හමුදාපතිතුමා විසින් ඒ පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කරන ලදි. එමෙන්ම, ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමිමේන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණ දී ඇති අභියෝග පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කරන ලදි.

යුද හමුදා මුලස්ථාන සාකච්ඡා ශාලාවේ දී පැවති අන්තර් ක්‍රියාකාරි හමුවේ දී ඕමාන් නියෝජිත පිරිස වෙත යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජි.වි. රවිප්‍රිය විසින් මානුෂිය මෙහෙයුම පිළිබඳව පුළුල් ඉදිරිපත් කිරිමක් ද සිදු කරන ලදි.

අනතුරුව, මෙම ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිත පිරිස ගුවන් හමුදාපති සහ නාවික හමුදාපති හමුවිමට නියමිතය.

මෙම හමුව අවසානයේ නියෝජිත පිරිස වෙනුවෙන් එහි ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිතන් ක්‍රිෂාන්ත ද සිල්වා අතර, සංකේතාත්මකව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

|