හමුදා මාණ්ඩලික සාකච්ඡාවට පැමිණි ඉන්දිය යුද හමුදා නියෝජිතයන් යුද හමුදාපතිතුමන් හමුවේ

23rd March 2017

ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා පැමිණ සිටින ඉන්දිය නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා බදාදා (22) සන්ධ්‍යාවේදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.

යුද හමුදා මුලස්ථානය වෙත පැමිණි ඉන්දිය යුද හමුදා නියෝජිත පිරිස හමුදා ලේකම් කර්යාලයේ දී යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර විසින් පිළිගත් අතර අනතුරුව, යුද හමුදාපති කර්යාලය වෙත කැඳවාගෙන යන ලදි.

අනතුරුව, යුද හමුදාපතිවරයා විසින් නියෝජිත පිරිස සමඟ දැනට පැවැත්වෙන ඉන්දු- ශ්‍රි ලංකා හමුදා මාණ්ඩලික සාකච්ඡාවේ ප්‍රගතිය මෙන්ම විවිධ තිරණ ක්‍රියාත්මක කිරිම් සහ පසුගිය පැවති මාණ්ඩලික සාකච්ඡාවන් හී ප්‍රගතිය පිළිබඳ පසු විපරම් කටයුතු මෙන්ම අනෙකුත් දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබිය.

මේ වන විට පැවැත්වෙන 6 වන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාවේ දී අඛණ්ඩව ක්‍රීඩා වැඩසටහන් හුවමාරුව, මුල්‍ධර්ම සංවර්ධනය, ද්විපාර්ශවිය හමුදාමය සම්බන්ධතාවයන් වර්ධනය මෙන්ම පුහුණු කටයුතු පරිපාලන සහ සුභ සාධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිතය.

මෙම හමුවේ දී, සංචාරක නියෝජිත පිරිස දැනට පැවැත්වෙන 6 වන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව වෙනුවෙන් පහසුකම් සැපයිම වෙනුවෙන් යුද හමුදාපතිතුමන් වෙත සිය ස්තුතිය පුද කළ අතර, දෙරටේ හී හමුදාවන් අතර පැවති ඵෛතිහාසික සම්බන්ධතාවයන් පිළිබඳව ද සිහිපත් කලහ.

මෙම සුහද හමුව අවසානයේ දී යුද හමුදාපතිතුමා සහ ඉන්දිය නියෝජිත පිරිසේ ප්‍රධානි අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු වු අතර, මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහභාගි වුහ.

එමෙන්ම, සංචාරක ඉන්දිය නියෝජිත පිරිස බ්‍රහස්පතින්දා (23) දින බත්තරමුල්ල පිහිටි ඉන්දිය සාමසාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරිමට නියමිතය.

|