2020-09-21 12:27:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ දීර්ඝ කාලීන අවශතාවයක්ව පැවැති නිවාඩු නිකේතනයක පුරප්පාඩුව සපුරාලමින් දියතලාවේ පිහිටි 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘වැගනර්ස්’ නිවාඩු නිකේතනය ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පැවැති උත්සවයකදී සෙසුනිලයින් වෙනුවෙන් විවෘත කෙරිණි.
2020-09-21 12:15:41
නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ ඉකුත් සිකුරාදා (18) දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සංචාරයක නිරත වූ අතර එහිදී, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් අතුල ආරියරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරය තුලදී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් එම ප්‍රදේශයේ සැපයුම් හා සේවා පිළිබඳ සොයා බලන ලදී.
2020-09-21 12:05:41
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් වර්ෂ 2020 අගෝස්තු මස 19 සිට සැප්තැම්බර් මස 2 දක්වා කාලය තුළ සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී අන්තර් ඒකක විවාද තරඟාවලියක් සංවිධානය කර තිබුණු අතර, දින ගණනාවක් පුරා පැවති තරඟාවලියේ අවසන් මහ තරඟය රොක් හවුස් යුද්ධ හමුදා කඳවුරේදී පැවැත් වූ අතර, එහිදි ගැඹුරු ගැටළු විශ්ලේෂණය කිරීම, අවාසි සහ වාසි, ඵලදායි ක්‍රියාමාර්ග, කණ්ඩායම් ගොඩනැගීම සහ සිතීමේ සහ වාචික සන්නිවේදන කුසලතා යන නිලධාරීන් සතු හැකියාවන් වැඩි දියුණු කිරීමේ තේමාවන් යටතේ විවාදයන් පවත්වනු ලැබීය.
2020-09-21 12:00:41
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් අතරින් දැනුම් සම්භාරයක් ලබාදීම තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඉකුත් බදාදා (16) දින ‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතින්’ පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.
2020-09-21 09:45:41
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියකට සිය දායකත්වය දක්වමින් ඉකුත් සෙනසුරාදා (19) දින ඔිඩ්ඩුසුඩාන් රෝහල් පරිශ්‍රය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියකට එක්වූහ.
2020-09-21 09:30:41
ඔඩ්ඩුසුඩ්ඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් ඉකුත් ඉරිදා (13) දින මුලතිව් ප්‍රදේශයේ පැවති අන්තර් - ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැඩ්මින්ටන් තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා එම සේනාංකඅන්තර් ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමේ බැඩ්මින්ටන් තරඟාවලියක් පැවත්වීම සඳහා 64 වන සේනාංකය සහයෝගය ලබාදෙයි
2020-09-21 08:00:41
යාපනය අර්ධද්වීපයේ තරුණයින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය සහ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ‘හාර්මනි පාපන්දු තරඟාවලිය - 2020’, (Harmony Football Tournament – 2020) නැමැති පාපන්දු තරඟාවලිය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ මඟ පෙන්වීම මත ඉතා උණුසුම් අයුරින් පවත්වනු ලැබීණි.
2020-09-19 22:13:10
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට (සැප්තැම්බර් මස 19) සමගාමීව ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය (සැප්තැම්බර් මස 19 සිට 25 දක්වා) සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව ස්වේච්ඡා සේවකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද (19) දින උදෑසන ගල්කිස්ස වෙරළ තීරයේ දී ආරම්භ කරන ලදී.
2020-09-19 21:00:04
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (17) දින පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව තුළ මළල ක්‍රීඩා හා සියළු ක්‍රීඩා අංශයන්හී ජාතික...
2020-09-19 19:14:55
වවුනියාව දිස්ත්‍රික් වෛද්‍ය කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 561 වන පාබල සේනාංකයේ භටපිරිස් සහ පොලිස් නිලධාරීන් එක්ව සැප්තැම්බර් මස 15 වන දින වවුනියාව දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුව මගින් සිදුකරනු ලබන රුධිරය පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක ක්‍රියාවලියකට දායක වූහ.