Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2020 22:13:10 Hours

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට යුද්ධ හමුදා සවියත් එක්වේ

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට (සැප්තැම්බර් මස 19) සමගාමීව ජාතික සමුද්‍ර සම්පත් සංරක්‍ෂණ සතිය (සැප්තැම්බර් මස 19 සිට 25 දක්වා) සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව ස්වේච්ඡා සේවකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද (19) දින උදෑසන ගල්කිස්ස වෙරළ තීරයේ දී ආරම්භ කරන ලදී.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ගරු පරිසර අමාත්‍යතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් ජාතික සමුද්‍ර සම්පත් සංරක්‍ෂණ සතියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූහ. එහිදී, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද ස්වේච්ඡා සේවකයින් සමඟ එක්ව උද්යෝගයෙන් යුතුව මෙම වැඩසටහනට සිය දායකත්වය සැපයීමට එහි එක්ව සිටියහ.

මෙහිදී සිදුකළ කෙටි පිළිගැනීමේ දේශනයකින් අනතුරුව 2020 ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව පැවැති පෝස්ටර් ව්‍යාපාරයේ සහ චිත්‍ර ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ සුරතින් සිදුකරන ලදී. සමාරම්භක උත්සවයෙන් පසුව පාසල් සිසුන්ගේ ද සහයෝගය ඇතිව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් චුල අබේනායක, 14 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිලක් හංගිලිපොල, 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් ගුණසේකර ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Nike Sneakers | Nike