Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2020 12:15:41 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පුහුණු උපාධිධාරින්ගේ පුහුණුව සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිරහී අවශ්‍යතා පරික්‍ෂාවක

නැඟෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ ඉකුත් සිකුරාදා (18) දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සංචාරයක නිරත වූ අතර එහිදී, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් අතුල ආරියරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය‍. මෙම සංචාරය තුලදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම ප්‍රදේශයේ සැපයුම් හා සේවා පිළිබඳ සොයා බලන ලදී.

මෙම සංචාරයේදී, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති නිරෝධායන මධ්‍යස්ථාන සහ එහි මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙන්ම ඉංජිනේරු සේවා බළකායේ අඛණ්ඩ ඉදිකිරීම් ව්‍යාපෘති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා බළකාය විසින් සිදු කරනු ලබන වාහන නඩත්තු කිරීමේ කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය. එහිදි 3 වන ඉංජිනේරු සේවා බළකාය, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය, 3 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බළකාය, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා බළකාය, 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය සහ 6 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායේ අණදෙන නිලධාරින් ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදී.

එම සාකච්ඡාව අවසන් වීමෙන් පසු, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් උපාධිධාරි පුහුණුවීම් සිදුකරනු ලබන මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසල, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය සහ ගිරිතලේ පොලිස් හේවා බළකා පුහුණු පාසල්හී සංචාරය නිරත වූ අතර එහිදී, උපාධිධාරින් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහනක් වෙනුවෙන් ද සහභාගී වූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නායකත්ව පුහුණුවීම් වල වටිනාකම ඉස්මතු කරමින් පුහුණුවේ නිරත වී සිටින උපාධිධාරීන් සමඟ සුහද සංවාදයක් ද පැවැත්වීය. තවදුරටත් එම පුහුණු උපාධිධාරින් ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම පුහුණු මධ්‍යස්ථාන වල සිටින ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් සහ රාජකාරියේ නිරත යුද්ධ හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීය. Buy Kicks | Nike Shoes, Clothing & Accessories