Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2020 12:05:41 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරීන් අතර විවාද කුසලතා ඔප්නැංවීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් වර්ෂ 2020 අගෝස්තු මස 19 සිට සැප්තැම්බර් මස 2 දක්වා කාලය තුළ සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී අන්තර් ඒකක විවාද තරඟාවලියක් සංවිධානය කර තිබුණු අතර, දින ගණනාවක් පුරා පැවති තරඟාවලියේ අවසන් මහ තරඟය රොක් හවුස් යුද්ධ හමුදා කඳවුරේදී පැවැත් වූ අතර, එහිදි ගැඹුරු ගැටළු විශ්ලේෂණය කිරීම, අවාසි සහ වාසි, ඵලදායි ක්‍රියාමාර්ග, කණ්ඩායම් ගොඩනැගීම සහ සිතීමේ සහ වාචික සන්නිවේදන කුසලතා යන නිලධාරීන් සතු හැකියාවන් වැඩි දියුණු කිරීමේ තේමාවන් යටතේ විවාදයන් පවත්වනු ලැබීය.

තරඟාවලියේ මූලික හා අවසන් පූර්ව වටය තරඟයන් සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවති මෙම විවාද තරඟාවලියේ අවසන් මහා තරඟය වර්ෂ 2020 සැප්තැම්බර් මස 16 වන දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

එහි ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රතාප තිලකරත්න සහභාගී වූ අතර, එහිදි පැවති අවසන් මහා තරඟයේදී 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුව ශූරතාව දිනාගත් අතර 1 වන විමර්ශන රෙජිමේන්තුව අනුශූරයන් බවට පත් වූහ. ඒ අනුව 2020 අන්තර් ඒකක විවාද තරඟයේ හොඳම විවාදකයා ලෙස ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක තේරී පත්විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සභා සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූ අතර, තවද, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතා සහ බ්‍රිගේඩියර් අසාඩ් ඉසඩීන්, බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතුංග යන නිලධාරීන් විනිශ්චයකරුවන් ලෙස කටයුතු කළ අතර, අවසන් තරඟ වටයෙන් පසු තරඟකරුවන් වෙත ඇගයීම් සහතික බෙදාදීමෙන් අනතුරුව වැඩසටහනේ සමාප්තිය සනිටුහන් විය. Nike Sneakers | Gifts for Runners