Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2020 19:14:55 Hours

561 වන බලසේනාවේ භටපිරිස් වවුනියාව රෝගීනට සවියක් වීම සඳහා සිය ලේ දන්දෙති

වවුනියාව දිස්ත්‍රික් වෛද්‍ය කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 561 වන පාබල සේනාංකයේ භටපිරිස් සහ පොලිස් නිලධාරීන් එක්ව සැප්තැම්බර් මස 15 වන දින වවුනියාව දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුව මගින් සිදුකරනු ලබන රුධිරය පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක ක්‍රියාවලියකට දායක වූහ.

ඒ අනුව, නැදුම්කේණි මාර්ග සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලාවේ දී පැවැති ලේ දන්දීමේ වැඩසටහන සඳහා 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 561 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටයින් 70 ක් සහ පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය වන්නි ප්‍රදේශයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය පණිස පරිත්‍යාග කළහ.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත ආබෲ ලබාදුන් උපදෙස් මත 561 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබු මෙම වැඩසටහනේදී ප්‍රදේශයේ සිවිල් වැසියන් 5 දෙනෙකු ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කිරීමට එක්වූහ. jordan Sneakers | adidas garwen spezial white shoes - New In Shoes for Men