Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2020 21:00:04 Hours

ජාතික හා පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීමට ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩබලන පොලිස්පති පෙළගැසෙති

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (17) දින පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව තුළ මළල ක්‍රීඩා හා සියළු ක්‍රීඩා අංශයන්හී ජාතික හා පාසල් මට්ටමේ මළල ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ වෘත්තීය දැනුම ලබාදීම පිළිබද සහ ඊට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාගැනීමේ හැකියාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම හමුව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න සහ සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ අතර, එහිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දිවයින පුරා පිහිටි ක්‍රීඩා පුහුණු පාසල් 25 සංවර්ධනය කිරීමටත්, මනා පරිපාලනයක් ඇති කිරීමටත්, ජාතික ඉසව් සඳහා නව මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීමටත්, ක්‍රීඩා හා මළල ක්‍රීඩාවන්හී වෘත්තීයභාවය ඔවුන් වෙත ලබාදීම සඳහා උපරිම සහයෝගය ලබා දෙමින් ක්‍රීඩාවන් රට පුරා නඟා සිටුවීමට කටයුතු කරන ලෙස ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් ගෙන් ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවේදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා හොඳ පරිසරයක් ලබා දීම සඳහා ක්‍රීඩා පිටි නඩත්තු කිරීම, පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙන්ම දිගු කාලීනව ආයෝජනයක් ලෙස ක්‍රීඩාවේ එවැනි පහසුකම් වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් විස්තර කළේය.

මෙම සාකච්ඡාව සඳහා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. best shoes | adidas garwen spezial white shoes - New In Shoes for Men