Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2020 12:00:41 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූළස්ථානයේ භටපිරිස් ‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතින්’ පිළිබඳ දැනුවත් වෙති

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් අතරින් දැනුම් සම්භාරයක් ලබාදීම තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඉකුත් බදාදා (16) දින ‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතින්’ පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ මඟපෙන්විම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මෙම වැඩමුළුව කපිතන් අයි. ඒකනායක විසින් මෙහෙයවනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. latest Nike Sneakers | Nike