Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2020 12:27:03 Hours

දියතලාවේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිවාඩු නිකේතනය සෙසුනිලයින් වෙනුවෙන් විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ දීර්ඝ කාලීන අවශතාවයක්ව පැවැති නිවාඩු නිකේතනයක පුරප්පාඩුව සපුරාලමින් දියතලාවේ පිහිටි 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘වැගනර්ස්’ නිවාඩු නිකේතනය ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පැවැති උත්සවයකදී සෙසුනිලයින් වෙනුවෙන් විවෘත කෙරිණි.

මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිවාඩු නිකේතනය ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 140 ක් ඇස්තමේන්තු ගත කර තිබු අතර කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කදනආරච්චි ගේ හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අශෝක අඹන්පොල ගේ උපදෙස් මත ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කරනු ලැබීණි.

ඒ අනුව, 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ශාලුත ජයවර්ධන ගේ ප්‍රශංසනීය කැපවීම මත එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය යොදාගනිමින් රුපියල් ලක්‍ෂ 85 ක් වැනි මුදලක් වැය කරමින් නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සමත් විය.

නිවාඩු නිකේතනය නිදන කාමර තුනකින් සමන්විත වන අතර එහි නාන කාමර (උණු වතුර ඇතුළු අනෙකුත් පහසුකම්වලින්) සමන්විතව සුව පහසු අයුරින් නිමා කර ඇත.

2019 වර්ෂයේදී රැස් කරන ලද සෙසුනිල සුභසාධක අරමුදලේ ප්‍රතිපාදන යොදාගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායකගේ සංකල්පයකට අනුව දියත් කරනු ලැබු මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර කෙරිණි.

නවතමයෙන් ඉදිකල නිවාඩු නිකේතනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් සුනිල් පින්ගමගේ සුරතින් ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පැවැති සුබ මොහොතින් විවෘත කෙරිණි. Running sports | シューズ