Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2020 09:45:41 Hours

64 වන සේනාංකයේ භටපිරිස් පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක නියැලෙති

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියකට සිය දායකත්වය දක්වමින් ඉකුත් සෙනසුරාදා (19) දින ඔිඩ්ඩුසුඩාන් රෝහල් පරිශ්‍රය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියකට එක්වූහ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක සහ 64 වන සේනාකංයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල ගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

64 වන සේනාංකයේ භටපිරිස් සහ 641 වන බලසේනාව නියෝජනය කරමින් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙන්ම 642 වන බලසේනාව නියෝජනය කරමින් 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව දියත් කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 64 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ. affiliate link trace | Nike