Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2020 08:00:41 Hours

යාපනය භටපිරිස් විසින් සිවිල් පාපන්දු සමාජ 12 ක සහභාගීත්වයෙන් පාපන්දු තරඟාවලියක් සංවිධානය කරයි

යාපනය අර්ධද්වීපයේ තරුණයින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය සහ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ‘හාර්මනි පාපන්දු තරඟාවලිය - 2020’, (Harmony Football Tournament – 2020) නැමැති පාපන්දු තරඟාවලිය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ මඟ පෙන්වීම මත ඉතා උණුසුම් අයුරින් පවත්වනු ලැබීණි.

51 වන සේනාංකය සහ 513 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු මෙම පාපන්දු තරගාවලිය සඳහා යාපනය අර්ධද්වීපයේ සිවිල් පාපන්දු සමාජ 12 ක් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වූ අතර එහිදි පැවති උණුසුම් තරඟ වට කිහිපයකින් අනතුරුව පැවති අවසන් මහ තරඟය ඉකුත් සෙනසුරාදා (19) දින යාපනය අර්ධද්වීපයේ පාපන්දු ලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ‘අරියාලේ ෆෙඩ්රේෂන්’ ක්‍රීඩාංගනයෙදී පැවැත්විණි.

මෙම දැවැන්ත පාපන්දු තරගාවලිය සඳහා ගුරුනගර් (Gurunagar), නාවන්තුරෙයි (Navanthurai), පණ්ඩතරිප්පු (Pandatharippu), පෙරියවිලන් (Periyavilan), ඉලවාලෙයි (Ilavalai) සහ පලාලි (Palaly) යන ප්‍රදේශවල සිවිල් පාපන්දු කණ්ඩායම් 12 ක් තරඟ වැදුණු අතර, එහිදි පැවති උණුසුම් තරඟවට කිහිපයකින් අනතුරුව ගුරුනගර් ‘සිඟිං ෆිෂ්’ (Singing Fish) පාපන්දු ක්‍රීඩා සමාජය සහ නවන්තුරෙයි ශාන්ත ‘නිකොලස්’ ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු අතර, එහිදි ගුරුනගර් ‘සිඟිං ෆිෂ්’ (Singing Fish) පාපන්දු කණ්ඩායම ගෝල 2 – 1 ලෙස ශාන්ත ‘නිකොලස්’ (Nicolas) ක්‍රීඩා සමාජය පරාජය කරමින් කුසලානය දිනා ගැනීමට සමත් විය.

‘හාර්මනි පාපන්දු තරඟාවලිය - 2020’ අවසන් මහ තරඟයේ ත්‍යාග ප්‍රධානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහභාගී වූ අතර, තවද එම තරඟාවලිය නැරඹීම සඳහා සේනාංකාධිපතිවරුවන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ භටපිරිස් ද සහභාගී වූ අතර, මෙම තරඟාවලිය සඳහා ‘ඩෑන් රූපවාහිණි නාලිකාවේ’ (Dan TV) අධ්‍යක්‍ෂවරුන් වන පවනීතන් බවන් සහ එස් එස් කූගනාදන් යන මහත්වරුන් විසින් අනුග්‍රාහකත්වය දක්වා තිබිණි. Authentic Sneakers | Nike Releases, Launch Links & Raffles