2020-10-06 18:46:08
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව මුලතිව් වැළිඔය ප්‍රදේශයේ පිහිටි පරණ ගම වැව විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා නව තාක්ෂණාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබු අතර මෙම තාක්ෂණික විද්‍යාගාරය 62 වන සේනාංකය, 621 වන බලසේනාවසහ 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් පසුගියදා ඉදිකරනු ලැබිණි.
2020-10-06 14:46:08
සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකට අයත් 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්, ලෝක ළමා දිනයට සමගාමීව ඉකුත් සිකුරාදා (02) දින මුහමාලේ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.
2020-10-06 11:12:52
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 111 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් 111 දෙනා අතරින් දේශීයව හදුනාගත් පුද්ගලයින් 101 ක් මිනුවන්ගොඩ ඇගළුම්...
2020-10-06 09:30:52
අනුරාධපුර, තලාවේ පිහිටි 9 වන ක්ෂේත්‍ර කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘කාලතුවක්කු අංගනය’ සැප්තැම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසුරිය ගේ සුරතින් විවෘත කරන ලදී.
2020-10-06 08:00:11
ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රට දැය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන්, විශ්‍රාමික රණවිරුවන්ගේ සහ වෛද්‍ය...
2020-10-05 18:00:12
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරගස්තැන්න ප්‍රදේශයේ ඉකුත් සඳුදා (05) දින හදිසියේ ඇතිවු ලැව් ගින්නක් පිළිබඳ සැලවූ වහාම, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ එම සේනාංකයේ භටපිරිස් වේගයෙන් පැතිරගිය ලැව් ගින්න කඩිනමින් මැඩපැවැත්වීමට සමත් වූහ.
2020-10-05 15:00:12
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් ලෝක ළමා දිනයට සමගාමීව ඉකුත් සිකුරාදා (02) දින මුතියන්කන්ඩුකුලම් දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන්ට දිවා ආහාරවේලක් පිරිනැමීය.
2020-10-05 13:00:12
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ නව අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පසුගිය සිකුරාදා දින සන්ධ්‍යාවේ පැවැති උත්සවයකදී ජාතික තේරීම් කමිටුව හා අභියාචනා උපදේශක කමිටු නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රධානය කරන ලදී.
2020-10-05 11:45:07
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 7 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් 7 දෙනා අතරින් දේශීයව හදුනාගත්...
2020-10-04 18:30:12
තරුණයින් අතර ටෙක්බෝල් (Teqball) ක්‍රීඩාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත බණ්ඩාරවෙල පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ සම්බන්ධතාවයෙන් ඉකුත් සෙනසුරාදා (03) දින බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව ප්‍රදේශයන්හි පාපන්දු ක්‍රීඩකයින් අතර ටෙක්බෝල් (Teqball) ක්‍රීඩාව හඳුන්වා දෙන ලදී.