Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2020 18:46:08 Hours

වැලිඔයේ පාසලකට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තාක්‍ෂණික විද්‍යාගාරයක්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව මුලතිව් වැළිඔය ප්‍රදේශයේ පිහිටි පරණ ගම වැව විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා නව තාක්‍ෂණාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබු අතර මෙම තාක්‍ෂණික විද්‍යාගාරය 62 වන සේනාංකය, 621 වන බලසේනාව‍සහ 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් පසුගියදා ඉදිකරනු ලැබිණි.

එසේ ඉදිකිරීම් නිම කරනු ලැබු අංගසම්පුර්ණ අංගයන්ගෙන් යුතු නව තොරතුරු තාක්‍ෂණික විද්‍යාගාරය විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ සහභාගී වු අතර තවද, එම අවස්ථාව විද්‍යාගාරයේ ඉදිකිරිම් කටයුතු සඳහා මූලික අනුග්‍රහකත්වය දැක් වූ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හස්රත් මුණසිංහ මහතා, ව්‍යාපෘති සම්බන්ධීකාරක මහේෂ් රත්නායක, විධායක නිලධාරී ගයාන් වික්‍රමරත්න, මුලතිව් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ, 62 වන සේනාංකයේ සේනාධිපති බ්‍රිගේඩියර් සමන්ත සිල්වා, 621 වන බලසේනාවේ බලසේනාධිපති, 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරී, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 62 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලයන්හී ප්‍රධාන සිවිල් සම්බන්ධිකරන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

ව්‍යාපෘතිය සාර්ථකත්ව සිදු කර ගැනීම සඳහා භටපිරිස්හී ශ්‍රමදායකත්වය, වාස්තු විද්‍යාත්මක, ඉංජිනේරු සහ තාක්ෂණික සහාය ලබා දීම පිළිබඳව කොමර්ෂල් බැංකු විධායකයින් සහ නිලධාරීන් යුද හමුදාව වෙත සිය කෘතඥතාවය පළ කළේය.

එසේම පාසල් සිසුන් වෙත දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම තාක්‍ෂණික විද්‍යාගාරය ඉදිකරදීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් විසින් යුද්ධ හමුදාව වෙත ප්‍රශංසා කළහ. latest jordan Sneakers | Nike Shoes