Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2020 13:00:12 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ජාතික ක්‍රීඩා තේරුම් කමිටු ප්‍රධානී ලෙස පත් කෙරේ

ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ නව අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මැතිතුමන් කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පසුගිය සිකුරාදා දින සන්ධ්‍යාවේ පැවැති උත්සවයකදී ජාතික තේරීම් කමිටුව හා අභියාචනා උපදේශක කමිටු නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රධානය කරන ලදී.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලැබු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තම පත්වීමේ ලිපිය එම කම්ටුවේ සෙසු සාමාජිකයන් සමඟින් ගරු අමාත්‍යවරයා වෙතින් ලබාගනු ලැබිණි.

සුරේෂ් සුබ්‍රමනියම් මහතා (සභාපති, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව), මැක්ස්වෙල් ද සිල්වා මහතා (මහලේකම්, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව), අර්ජුන් රිෂ්යා ප්‍රනාන්දු සහ මොහොමඩ් හෆීස් මාර්සෝ යන මහත්වරුන් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් වන අතර, විනිසුරු කන්කානි තාන්ති චිත්‍රසිරි (අභියාචනා කමිටු සභාපති), චන්දක ජයසුන්දර මහතා, ඩිනල් මාරියෝ රෙක්ස් පිලිප්ස් පී.සී, සිදත් වෙත්තමුනි මහතා, දමයන්ති දර්ශා මහත්මිය, අරිත්ත රාහුල වික්‍රමනායක මහතා සහ රොෂානි මාරි කොබ්බෑකඩුව මහත්මිය අභියාචනා උපදේශක කමිටු සාමාජිකයින් වේ.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටු නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි භාරදීමෙන් අනතුරුව ක්‍රීඩා හා යෞවන කටයුතු නව අමාත්‍යතුමන් විසින් එම කවුන්සිලයේ සාමාජිකයින් වෙත සිය සුබපැතුම් එක් කරමින් මෙරට ක්‍රීඩාව සංවර්ධනය කිරීමෙහිලා එම කවුන්සිලයේ සාමාජිකයින්ගේ කාර්යභාරයේ ඇති වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.

පසුව, ක්‍රීඩා ක්‍ෂේත්‍රයට යහපත් අනාගතයක් එක්කිරිමේ අරමුණින් යුතුව දැනට පවතින ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රීඩා ප්‍රවර්ධනයන් සහ අනාගත සාමූහික ක්‍රියාමාර්ග සඳහා කමිටුවට ලබාදිය හැකි දායකත්වය හා එහි වැදගත්කම පිළිබඳව එම කමිටු සාමාජිකයින් සාකච්ඡා කළහ. තවද, එම සාකච්ඡාවේදී අනාගතයේදී ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා හැකි උපරිම අයුරින් සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වෙත කමිටු සාමාජිකයන් ප්‍රකාශ කලහ. Sneakers Store | Jordan Ανδρικά • Summer SALE έως -50%