Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2020 11:45:07 Hours

වෛසරය ආසාදනය වු දේශිය පුද්ගලයින් දෙදෙනෙකු සහ විදේශීය පුද්ගලයින් පස් දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 7 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් 7 දෙනා අතරින් දේශීයව හදුනාගත් දෙදෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ද, ඉතිරි පුද්ගලයින් පස් දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් අතරින් ඩුබායි සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි සිවිල් නාවිකයෙකු ඕසෝ හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, යුක්රේන ජාතික සිවිල් නාවිකයෙකු බිර්ජියා හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් සහ සවුදි අරාබිය සිට පැමිණි එක් පුද්ගලයෙකු හොටෙල් ජෙට්වින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (05) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (05) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 142 ක් ද, 6E 9035 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 27 ක් සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ නයිටා සිට පුද්ගලයින් 280 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (05) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 35 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, රාජගිරිය ආයූර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 16 ක්, බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙකු සහ මීගමුව කැමල්ට් බීජ් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 18 ක් වශයෙන් වේ. එසේම, අද (05) දිනය වනවිට පුද්ගලයින් 48,583 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (05) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 72 ක් තුළ පුද්ගලයින් 6,894 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (04) දිනය තුලදී PCR පරික්‍ෂණ 1490 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 295,463 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (05) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 04 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් 04 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වෙනවා.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 02 දෙනෙකු වේ. latest Running Sneakers | New Releases Nike