Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2020 15:00:12 Hours

643 වන බලසේනාවේ භටපිරිස්හි මුතියන්කන්ඩුකුලම් ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් සඳහා විශේෂ දිවා ආහාරවේලක් පිරිනමති

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ලෝක ළමා දිනයට සමගාමීව ඉකුත් සිකුරාදා (02) දින මුතියන්කන්ඩුකුලම් දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන්ට දිවා ආහාරවේලක් පිරිනැමීය.

එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජිවත් වන සිසු සිසුවියන් වෙනුවෙන් මෙලෙස දිවා ආහාරවේලක් පිරිනැමීම සඳහා 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.එස්. දිසානායක ඇතුළු එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් සිය මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකර ඇත.

මෙම වැඩසටහන 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අජිත් පල්ලේවෙල ගේ උපදෙස් මත 643 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටිරෝන් සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ දියත් කරන ලදී. Best Nike Sneakers | nike air jordan lebron 11 blue eyes black people