Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2020 14:46:08 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් මුහමාලේ පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදෙති

සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකට අයත් 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්, ලෝක ළමා දිනයට සමගාමීව ඉකුත් සිකුරාදා (02) දින මුහමාලේ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

මෙම ව්‍යාපෘතිය 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය ගේ සහ 552 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රභාත් මුණිපුර ගේ උපදෙස් මත 23 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් චමින්ද දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ මුහමාලේ ප්‍රදේශයේදී දියත් කරන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් 552 වන බලසේනාවේ බලසේනාධිපති සහ 23 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින්, ආර්.එම්.ටී.එම් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ. bridgemedia | Womens Shoes Footwear & Shoes Online