Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2020 11:12:52 Hours

වෛරසය ආසාදනය වූ දේශීය පුද්ගලයින් 101 දෙනෙකු සහ විදේශීය පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 111 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් 111 දෙනා අතරින් දේශීයව හදුනාගත් පුද්ගලයින් 101 ක් මිනුවන්ගොඩ ඇගළුම් කම්හලක් ආශ්‍රිත කොවිඩ් පොකුරින් ද, ඉතිරි පුද්ගලයින් ‍දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් අතරින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු හා සිවිල් නාවිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 ක් මුලන්කාවිල්, සූරිය රිසෝට්, බියගම විලේජ් සහ බර්ජියා හොටෙල් යන නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් ද, කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ රතු මුහුදු ආශ්‍රිත ප්‍රදේශයේ සිට පැමිණි විදේශීය නාවිකයෙකු හඹරාදූව නීලපියස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

පෙරේදා (05) දින මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරින් වාර්ථා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 101 දෙනෙකු වේ.

අද (06) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ ආසාදිතයින් 650 දෙනෙකු පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇත. ඒ අනුව කන්දකාඩු ප්‍රථිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි සියළු ආසාදිතයන් පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇත.

අද (06) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 11 ක් ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 52 ක් සහ EK 4930 දරණ මගී ගුවන් යානය මගින් තුර්කියේ ඉස්තාන්බුල් සිට පුද්ගලයින් 260 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (06) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 294 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, හොටෙල් ජෙට්වින් සේ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 02 ක්, හොටෙල් ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 04 ක්, හොටෙල් ජෙට්වින් ලැගූන් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 15 ක්, රාණි හොටෙල් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 22 ක්, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 19 ක්, රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 74 ක්, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 14 ක්, ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 123 ක්, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 20 ක් සහ පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙකු වශයෙන් වේ.

අද (06) දිනය වනවිට පුද්ගලයින් 49,003 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (06) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 7,211 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (05) දිනය තුලදී PCR පරික්‍ෂණ 700 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 296,611 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (06) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දෙදෙනෙකු (02) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් දෙදෙනා (02) කන්දකාඩු ප්‍රථිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ. Sneakers Store | Nike