Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2020 08:00:11 Hours

‘උත්තම පූජා’ ජංගම සේවාවේ දෙවන අධියරය ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන් සහ වැඩබලන පොලිස්පති ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි

ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රට දැය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන්, විශ්‍රාමික රණවිරුවන්ගේ සහ වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වා ඇති රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ‘රණවිරු සේවා අධිකාරිය’ විසින් සංවිධානය කරන ලද ජංගම සුභසාධන සේවාවක් ඉකුත් සෙනසුරාදා (3) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණසේවා අධ්‍යක්ෂක මණ්ඩලය, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදා සේවාවන්හි රණවිරු සුභසාධන කටයුතු සඳහා පිටුවා ඇති අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජංගම සේවාව තුළින් වීරෝධාර රණවිරුවන්ගේ පවුල්හී සාමාජිකයන්ගේ ගැටළු සාකච්ඡා කර එයට විසදුම් ලබාදීම සිදු කරනු ලැබිණි.

මේ අතර, යුද්ධයෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන්ගේ පවුල් සඳහා සංකේතාත්මකව ‘උත්තම පූජා ප්‍රණාම’ පදක්කම් එම අවස්ථාවේදී සීමිත පිරිසකට ප්‍රදානය කළ අතර, අනෙකුත් පවුල්වල සාමාජිකයන් සදහා නුදුරේදී පදක්කම් ප්‍රධානය කිරීමට නියමිතය. මෙම ජංගම සේවාව සඳහා සහභාගී වූ පුද්ගලයන් යොමුකළ ගැටළු රාශියක් සඳහා විධිමත් විසදුම් ලබාදීම සඳහා හැකියාව ලැබිණි.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකාය, රණවිරු සේවා අධිකාරිය, පවුල්වල සාමාජිකයන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ. Mysneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth