Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2020 09:30:52 Hours

අභිනවයෙන් ඉදිකළ ‘කාලතුවක්කු අංගනය’ විවෘත කෙරේ

අනුරාධපුර, තලාවේ පිහිටි 9 වන ක්ෂේත්‍ර කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘කාලතුවක්කු අංගනය’ සැප්තැම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසුරිය ගේ සුරතින් විවෘත කරන ලදී.

මානුෂීය මෙහෙයුම්වලදී යුද්ධ හමුදාව ලැබූ යුද ජයග්‍රහණය පිටුපස සිට යෝධ ශක්තියක් වූ කාලතුවක්කු බොහොමයක් මෙලෙස අභිනවයෙන් ඉදිකළ අංගනය තුළ ස්ථානගත කර ඇත. එම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් රුවන් වනිගසුරිය කාලතුවක්කු හමුදා සෙබළුන්ගේ සේවය අගය කරමින් ඔවුන්ට කෘතඥතාවය පුද කිරීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ බළලත් නිලධාරී හා සැරයන් නිවස්නය විවෘත කරන ලදී.

ඓතිහාසික වටිනාකමක් සහිත කාලතුවක්කු ආරක්‍ෂා කිරීම සඳහා කාලතුවක්කු භටයින් විසින් දරන ලද ප්‍රයත්නය අගය කළ මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉදිකිරිම් කටයුතු සඳහා දායක වූ භටපිරිස් සමගින් සුහද පිළිසඳරක ද නිරත විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු සෙසු නිලයන් රැසක් සහභාගි වූහ. Best jordan Sneakers | Nike Off-White