Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2020 18:30:12 Hours

ටෙක්බෝල් (Teqball) ක්‍රීඩාව බණ්ඩාරවෙල පාපන්දු ක්‍රීඩකයින්ට හඳුන්වාදෙයි

තරුණයින් අතර ටෙක්බෝල් (Teqball) ක්‍රීඩාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත බණ්ඩාරවෙල පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ සම්බන්ධතාවයෙන් ඉකුත් සෙනසුරාදා (03) දින බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව ප්‍රදේශයන්හි පාපන්දු ක්‍රීඩකයින් අතර ටෙක්බෝල් (Teqball) ක්‍රීඩාව හඳුන්වා දෙන ලදී.

ඒ අනුව, බණ්ඩාරවෙල ජාතික විද්‍යාල ක්‍රීඩා පිටියේදී ටෙක්බෝල් (Teqball) ක්‍රීඩාව පිළිබඳ ක්‍රීඩකයින් දැනුවත් කිරීමේ පුහුණු සැසියක් පැවැති අතර එම සැසිය අවසානයේ, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, බණ්ඩාරවෙල පාපන්දු ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් සමඟ එක්ව පුහුණු සැසියට සහභාගි වූ ක්‍රීඩකයින්ට ක්‍රීඩා උපකරණ ප්‍රදානය කළහ.   මෙම අවස්ථාවට බණ්ඩාරවෙල ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින්, හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

පාපන්දුවට සමාන පන්දුවක් භාවිතා කරමින් වක්‍රාකාර මේසයක් මත පාපන්දු සහ මේසපන්දු ක්‍රීඩාවෙහි සිද්ධන්ත එක් කරමින් සිදුකරනු ලබන ක්‍රීඩාවක් වන අතර අත් සහ අතේ ඉහළ බාහුව හැර ශරීරයේ ඕනෑම කොටසක් සමඟ ක්‍රීඩකයන්ට බෝලයකට පහරදීය හැකිය. ටෙක්බෝල් ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර හෝ තනිව හෝ යුගල වශයෙන් හෝ සිදුකළ හැකි ක්‍රීඩාවක් වේ. 2021 ආසියානු බීච් ක්‍රීඩා සහ අප්‍රිකානු බීච් ක්‍රීඩා සඳහා මෙම ක්‍රීඩාව එක්කළ අතර නුඳුරේදී ඔලිම්පික් තරඟාවලියට ද ඇතුළත් කිරීමට අපේක්‍ෂා කරයි. Sports brands | nike