2021-03-27 08:11:32
පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින ගිරිතලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත වූයේය.
2021-03-27 07:41:32
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ ඉල්ලීමකට අනුව යාපනය ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ නිලධාරී පුරුෂෝත් මහතා විසින් ‘ගිනි නිවීම සහ ආරක්ෂක පියවර’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 57 වන සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී. පසුගිය බදාදා (24) දින පැවැති මෙම දේශනය සඳහා 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 93 දෙනෙකු සහභාගි වූහ.
2021-03-27 06:40:14
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 24 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩිර් හරේන්ද්‍ර පීරිස් එම සේනාංක මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (03) දින ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී ආරම්භ කළේය.
2021-03-26 21:01:55
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව සහ විජයබාහු රෙජිමේන්තුවට අනුයුක්ත කල ආධුනික සෙබලුන් 380 දෙනෙකු වලමන්ඩි බළඇණි පුහුණු පාසල වෙතින් ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා පසුගිය බදාදා (24) දින විසිර ගියහ.
2021-03-25 20:10:06
යුද්ධ හමුදා පුහුණු අණසක විසින් සම්පාදනය කරනු ලැබූ ‘යුද්ධ හමුදා මුලධර්ම ග්‍රන්ථය’ (Sri Lanka Army Capstone Doctrine) පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (13) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විය.
2021-03-25 18:10:06
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 21 වන සේනාංකයේ භටපිරිසක් විසින් සංවිධානය කළ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (19) දින ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ...
2021-03-25 13:10:06
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ මගපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් සහ ඉංජිනේරු භටපිරිස් විසින් තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා සංකීර්ණය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලය වෙත නිල වශයෙන් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා (4) දින සිදු කරන ලදී.
2021-03-25 12:10:06
ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් පිහිටි 4 වන සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ අධුනික පුහුණු පාඨමාලා අංක - 29 යටතේ පුරා මාස හතරකට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 381 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය අඟහරුවාදා (23) දින පැවැත්විණි.
2021-03-25 10:08:15
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකය යටතේ පාලනය වන 222 බලසේනාව යටතේ ඇති 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සංවිධානය කළ පේරමඩුව ප්‍රාථමික විද්‍යාලයේ තෝරා ගත් සිසුන් 50 ක් සඳහා පාසල් උපකරණ ලබාදීම පසුගිය සදුදා (22) දින පැවැත්විණි. මේ සඳහා මූල්‍යමය දායකත්වය කොළඹ සිංහල බල මණ්ඩලයේ සභාපති ගාමිණී කීර්ති චන්ද්‍ර මහතා විසින් ලබාදෙන ලදී.
2021-03-25 08:08:15
ඔඩ්ඩුසුඩාන් පිහිටි 642 වන බලසේනාවේ 9 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ශසික පෙරේරා පසුගිය බදාදා (24) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.