Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2021 07:41:32 Hours

‘ගිනි නිවීමේ ක්‍රම’ පිළිබඳ 57 වන සේනාංකයේ භටපිරිස් දැනුවත් කෙරේ

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ ඉල්ලීමකට අනුව යාපනය ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ නිලධාරී පුරුෂෝත් මහතා විසින් ‘ගිනි නිවීම සහ ආරක්‍ෂක පියවර’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 57 වන සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී. පසුගිය බදාදා (24) දින පැවැති මෙම දේශනය සඳහා 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 93 දෙනෙකු සහභාගි වූහ.

ගිනි නිවීමේ භටයින් විසින් දේශනය අවසානයේ දී ගිනි ගැනීමට හේතු, ගින්නක් ඇතිවීම, ගින්න පාලනය කිරීමේ ක්‍රමවේදය සහ ගිනි නිවීමේ උපකරණ පිළිබඳ සහභාගි වූවන්ට පැහැදිලි අවබෝධයක් ලබාදෙමින් පුහුණු නිදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

මෙම වැඩමුළුවට 57 වන සේනාංකය යටතේ ස්ථාපිත සේනාංක මුලස්ථාන, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් නිලධාරීන් 8 ක් සහ සෙසුනිලයින් 85 ක් සහභාගි වූහ. latest Running | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5