Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2021 20:10:06 Hours

යුද්ධ හමුදා මුලධර්ම ග්‍රන්ථය (Capstone Doctrine) පිළිබඳ ආසේමු බටහිර නිලධාරින් දැනුවත් කරයි

යුද්ධ හමුදා පුහුණු අණසක විසින් සම්පාදනය කරනු ලැබූ ‘යුද්ධ හමුදා මුලධර්ම ග්‍රන්ථය’ (Sri Lanka Army Capstone Doctrine) පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (13) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක සම්බන්ධීකරණය මත මෙම දේශනය පවත්වනු ලැබිණි. යුද්ධ හමුදා පුහුණු අණසක විසින් සම්පාදනය කරනු ලැබූ ‘යුද්ධ හමුදා මුලධර්ම ග්‍රන්ථය’ (Sri Lanka Army Capstone Doctrine) පිළිබඳ දේශනය යුද්ධ හමුදා පුහුණු අණසක කර්නල් උපක්‍රමික හා මූලධර්ම ලුතිතන් කර්නල් ලසිත් තාබෲ විසින් පැවැත්වූයේය.

මෙම දේශණය සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්. පොන්නම්පෙරුම ඇතුළු නිලධාරීන් 190 දෙනෙකු සහභාගී වූහ. Authentic Nike Sneakers | nike air force 1 shadow , eBay