Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2021 10:08:15 Hours

පේරමඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසකට යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක්

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකය යටතේ පාලනය වන 222 බලසේනාව යටතේ ඇති 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සංවිධානය කළ පේරමඩුව ප්‍රාථමික විද්‍යාලයේ තෝරා ගත් සිසුන් 50 ක් සඳහා පාසල් උපකරණ ලබාදීම පසුගිය සදුදා (22) දින පැවැත්විණි. මේ සඳහා මූල්‍යමය දායකත්වය කොළඹ සිංහල බල මණ්ඩලයේ සභාපති ගාමිණී කීර්ති චන්ද්‍ර මහතා විසින් ලබාදෙන ලදී.

මෙම වැඩසටහන 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් මත 222 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජී.ඩබ්ලිව් විමලසේන ගේ අධීක්ෂණය යටතේ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 222 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජී.ඩබ්ලිව් විමලසේන, 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්.ඩබ්ලිව්.බී රිදිමහලියද්ද, 222 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, කලාප අධ්‍යාපන කාර්යාලයේ සහාය අධ්‍යක්ෂ ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ. latest jordans | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp