Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2021 18:10:06 Hours

21 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් මැදවච්චිය ප්‍රදේශයේ සිසුන් පිරිසකට අත්‍යවශ්‍ය පාසල් උපකරණ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 21 වන සේනාංකයේ භටපිරිසක් විසින් සංවිධානය කළ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (19) දින ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි ජාතික යොවුන් සේනාංක පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ සදහා මැදවච්චිය ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල් කිහිපයක පාසල් සිසුන් 50 ක් තෝරාගන්නා ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය දායකත්වය “සිරි ගුණරුවන් සිසු දිරිය” පදනමේ ප්‍රධානි අජිත් රෝහන මහතා විසින් සපයන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරය නිමිත්තෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ මගපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ කර්නල් ආර්.එම්.සී රත්නායක සහභාගී වූයේය. මෙම වැඩසටහනේ සම්බන්ධීකරන කටයුතු 211 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.කේ.ආර් ජයකොඩි විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ‘සිරිගුණ රුවන් සිසු දිරිය’ පදනම නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක්, නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ දෙමව්පියන් රැසක් සහභාගි වූහ. Asics footwear | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ