Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2021 12:10:06 Hours

තවත් ආධුනික සෙබලුන් 381 දෙනෙකු යුද්ධ හමුදාවට එක්වෙති

ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් පිහිටි 4 වන සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 29 යටතේ පුරා මාස හතරකට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 381 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය අඟහරුවාදා (23) දින පැවැත්විණි.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා සහභාගි විය.

පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලාට හිමි සම්මානය ආධුනික සෙබල කේ.කේ.ඩි.එල්.සඳරුවන් විසින් හිමිකරගත් අතර පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ආධුනික සෙබල කේ.ජි.වී.සී. ශාමික විසින් හිමිකරගත්තේය. පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය හිමිකරගැනීමට ආධුනික සෙබල එම්.පී.එල්. ගුණවර්ධන සමත්විය.

මෙම විසිරයාමේ පෙළපාලියට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Nike shoes | Sneakers