Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2021 21:01:55 Hours

වලමන්ඩිය පුහුණු පාසලේදී ආධුනික සෙබලුන් 380 ක් විසිරයති

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව සහ විජයබාහු රෙජිමේන්තුවට අනුයුක්ත කල ආධුනික සෙබලුන් 380 දෙනෙකු වලමන්ඩි බළඇණි පුහුණු පාසල වෙතින් ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා පසුගිය බදාදා (24) දින විසිර ගියහ.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න විරසුරිය සහභාගි විය.

පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ආධුනික සෙබල ආර්.පී.පී. රත්නායක විසින් හිමිකරගත් අතර පාඨමාලාවේ හොඳම ශාරිරික යෝග්‍යතාවය හෙබි සෙබලාට හිමි සම්මානය ආධුනික සෙබල කේ.ආර්.එම්. ගුණරත්න විසින් හිමිකරගත්හ. පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය හිමිකර ගැනීමට ආධුනික සෙබල කේ.ජි.ඒ.එස්. ලක්‍ෂාන් සමත්විය.

මෙම විසිරයාමේ පෙළපාලියට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Nike shoes | Sneakers