Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2021 06:40:14 Hours

52 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 24 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩිර් හරේන්ද්‍ර පීරිස් එම සේනාංක මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (03) දින ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී ආරම්භ කළේය.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපති එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී. පසුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුද කළේය. අනතුරුව එතුමන් එම අවස්ථාව සනිටුහන් කරනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව, ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගැනීම වෙනුවෙන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉදිරිපිටදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තැබීමට ද එතුමන් කටයුතු කළේය. පසුව, සියලු නිලධාරින් සහ සෙසු නිලයින් ආමන්ත්‍රණය කළ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 52 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. Nike air jordan Sneakers | Zapatillas de running Nike - Mujer