Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2021 08:08:15 Hours

642 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

ඔඩ්ඩුසුඩාන් පිහිටි 642 වන බලසේනාවේ 9 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ශසික පෙරේරා පසුගිය බදාදා (24) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.

බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනැමූවේය. පසුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක ලේඛණයකට අත්සන් තබමින් නව බලසේනාධිපති නව ධූරයේ රාජකාරී භාරගත්තේය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම අවස්ථාවට 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හා 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සහ බලසේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ. Sports Shoes | GOLF NIKE SHOES