Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2021 08:11:32 Hours

නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක

පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින ගිරිතලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත වූයේය.

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රසදුන් විතානආරච්චි විසින් එහි සපැමිණි ආඥපති ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීනි.

පසුව, භටපිරිස් ඇමතූ ආඥාපති ඔවුන් සිදුකරනු ලබන කාර්යභාර්ය පැසසුමට ලක් කළේය. Adidas footwear | Nike Shoes