2021-08-17 18:00:43
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ඉකුත් සෙනසුරාදා (07) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් බලප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංකය සහ ඒ යටතේ පාලනය වන බලසේනාවන් සහ ඒකකයන්වල සංචාරයක නිරත විය.
2021-08-17 17:00:43
පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (10) දින එම සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.
2021-08-17 16:00:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ විශිෂ්ඨ රණවිරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව දේශය වෙනුවෙන් දිවිපුදා 2021 අගෝස්තු මස 08 දිනට වසර 29 ක් ගතවේ. ඒ වෙනුවෙන් ගුණ සැමරුම් උළෙලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය සමග එතුමන්ගේ පවුලේ සාමාජිකයන් විසින් අනුරාධපුර නගර මධ්‍යයේ...
2021-08-17 14:00:43
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකය යටතේ ඇති 681 වන බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ඇතුලු එම ඒකකයේ භටපිරිස් විසින් ඉකුත් සදුදා (9) දින ඉගෙනීම් කටයුතු සඳහා දක්ෂතාවයක් ඇති මුලතිව් තේරාවිල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක සිසුන් දෙදෙනෙකු වෙනුවෙන් අධ්‍යාපන කටයුතු මනා ලෙස සිදුකර ගැනීම සඳහා මේසයක් සහ පුටු දෙකක් පරිත්‍යා කරන ලදී.
2021-08-16 22:45:29
54 වන සේනාංකය යටතේ මැදවච්චිය-මන්නාරම ඒ 14 මාර්ගයේ මාර්ග බාධක රාජකාරින්වල නිරතව සිටි 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේව බලඇණියේ භටපිරිස් 2021 අගෝස්තු මස 11 දින අළුයම සැකකරුවන් දෙදෙනෙකු සමඟ නීති විරෝධී ලෙස කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබු කහ කිලෝග්‍රෑම්1000 ක් අත් අඩංගුවට ගැනීමට සමත් වූහ.
2021-08-16 22:30:09
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපති 64 වන සේනාංකයේ භටපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු සඳහා වඩාත් දක්ෂතා පෙන්නුම් කරනු ලබන මෙන්ම ඉතා ලැදියාවකින් කටයුතු කරනු ලබන තරුණ තරුණියන්ගේ සැදුම්ලත් මුතියන්කඩ්ඩුකුලම් ජීවනගර් ‘මධූර්’ ක්‍රීඩා සමාජය වෙත රුපියල් 25,000 ක පමණ වටිනාකමින් යුතු ක්‍රීඩා භාණ්ඩ තොගයක් ඉකුත් බදාදා (11) දින ප්‍රධානය කළහ.
2021-08-16 22:00:03
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම බලප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව ඉකුත් සිකුරාදා (13) දින කොස්ලන්ද අළුත් වැව ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වටලා විනාශ කරන ලදී.
2021-08-16 21:30:03
54 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගියදාමන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකය යටතේ ඇති 541 වන බලසේනාව, 542 වන බලසේනාව සහ 543 වන බලසේනා මූලස්ථානයන්වලසංචාරයක නිරත වූහ.
2021-08-16 21:15:03
54 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස් ෆොන්සේකා 2021 අගෝස්තු මස 10 දින මන්නාරම රදගුරු නිවසේදී (Bishop of Mannar Fidelis)රදගුරු ආචාර්ය ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමා හමුවී ආශීර්වාදය ලබා ගත්තේය.
2021-08-13 23:37:18
යුද්ධ හමුදා භටපිරිස් කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇල්පිටිය ඉගල් කන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබු ඇඟලුම් කර්මාන්තශාලවක් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඉකුත් බදාදා (11) දින...