Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2021 21:30:03 Hours

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති බලප්‍රදේශයේ සංචාරයක

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගියදාමන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකය යටතේ ඇති 541 වන බලසේනාව, 542 වන බලසේනාව සහ 543 වන බලසේනා මූලස්ථානයන්වලසංචාරයක නිරත වූහ.

මෙම සංචාරය අතරතුරදී, සේනාංකාධිපති බලප්‍රදේශයේස්ථාපිත මාර්ග බාධක සහ වෙරළ නීරික්‍ෂණ ස්ථාන මෙන්ම සිය බලප්‍රදේශයේ ස්ථාපිත ඒකකයන්ද නිරීක්‍ෂණය කළේය. මෙම සංචාරය සඳහා 542 සහ 543 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන්, 54 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු සහ බලප්‍රදේශයේ ස්ථාපිත ඒකකයන්වල අණදෙන නිලධාරීන්පිරිසක්ද සහභාගී වූහ.