Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2021 22:45:29 Hours

තවත් නීතිවිරෝධි කහ තොගයක් 54 වන සේනාංකයේ භටපිරිස් අත්අඩංගුවට ගනී

54 වන සේනාංකය යටතේ මැදවච්චිය-මන්නාරම ඒ 14 මාර්ගයේ මාර්ග බාධක රාජකාරින්වල නිරතව සිටි 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේව බලඇණියේ භටපිරිස් 2021 අගෝස්තු මස 11 දින අළුයම සැකකරුවන් දෙදෙනෙකු සමඟ නීති විරෝධී ලෙස කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබු කහ කිලෝග්‍රෑම්1000 ක් අත් අඩංගුවට ගැනීමට සමත් වූහ.

ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වා ඇති බවට විශ්වාස කෙරෙන මෙම කහ තොගයේ වටිනාකම රුපියල් මිලියන 6 ක් පමණ වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් වාහනය වැඩිදුර පරීක්ෂණ සඳහා මඩු පොලිසිය වෙත භාර දී තිබේ.

54 වන සේනාංකයේ භටපිරිස් මන්නාරම දිස්ත්‍රික්කය හරහා මුහුදින් රැගෙන එනු ලබන නීති විරෝධි මත්ද්‍රව්‍ය හා අනෙකුත් ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි නිරන්තරයෙන් මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටිති.