Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2021 17:00:43 Hours

උසස්වීම් ලැබු සේනාංකාධිපතිට 64 වන සේනාංකයේ භටපිරිස් ගෞරවාචාර පුද කරයි

පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (10) දින එම සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි උසස්වීම් ලැබු සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිමෙන් අනතුරුව 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එම සේනාංක මුලස්ථාන සරඹ භූමියේදී එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් උසස්වීම් ලැබු සේනාංකාධිපති සරඹ භූමිය ඉදිරිපිට පැළයක්ද රෝපණය කළේය.

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.