Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2021 22:00:03 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම බලප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව ඉකුත් සිකුරාදා (13) දින කොස්ලන්ද අළුත් වැව ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වටලා විනාශ කරන ලදී.

පර්චස් 20ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබු මෙම ගංජා හේන රුපියල් මිලියන 8 ක පමණ වටිනාකමකින් යුක්තය. යුද්ධ හමුදා භටපිරිස් කොස්ලන්ද පොලිසිය සමඟ එක්ව මෙම වැටලීම සිදුකරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කොස්ලන්ද පොලිසිය විසින් සිදුකරනු ලබයි.