Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2021 18:00:43 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ඉකුත් සෙනසුරාදා (07) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බලප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංකය සහ ඒ යටතේ පාලනය වන බලසේනාවන් සහ ඒකකයන්වල සංචාරයක නිරත විය.

66 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වෙත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වශයෙන් රාජකාරී භාරගැනීමෙන් පසු 66 වන සේනාංක මූලස්ථානයේ සිදුකළ පළමු සංචාරය සනිටුහන් කරනු වස් 66 වන සේනාංක‍මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට පැළයක් රෝපණය කළ අතර, සමූහ ඡායාරූපයකටද එක් විය.

ඉන් අනතුරුව 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක එම සේනාංකයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබද ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් දැනුවත් කළේය. පසුව මේජර් ජෙනරල් සිසිර පිලපිටිය බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 66 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඇමතූහ.

පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් 66 වන සේනාංකයේ උතුරු මායිමේ පිහිටි සංගුපිඩ්ඩි ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, එහිදි 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ කොමා පොයින්ට් (Comma point) ප්‍රදේශයේ සංචාරය කළහ. තවද, මැතකදී විවෘත කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා මූලස්ථානයේ 720 වන සංයුක්ත බලඝණය සහ දකුණු මායිමේ පිහිටි 661 වන බලසේනා මූලස්ථානය වෙතද පැමිණියේය.

නාච්චිකුඩා ප්‍රදේශයේ සංචාරයෙන් අනතරුව හෙතෙම 66 වන සේනාංක සංකීර්ණයේ මෑතකදී විවෘත කරන ලද කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ ‘Multi Chopper Machine’ යන්ත්‍රය ද නිරීක්‍ෂණය කළේය. ඉන් අනතුරුව අරසපුරකුලම්වල පිහිටා ඇති බලඇණි පුහුණු පාසල සහ 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේද සංචාරයක නිරත වූහ.

මෙම සංචාරය අතරතුර 66 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ භටපිරිස් සහභාගී වූහ.